Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කඩා දැමූ යාපන සරසවියේ ස්මාරයක යලි හදන්නේ ඉන්දීය බලපෑමෙන්..- ඉන්දීය මාධ්‍ය හෙලි කරයි..

  යාපනය විශ්ව විද්‍යාලයේ ඉදිකර තිබූ ස්මාරකය කඩා බිද දැමීමෙන් පසු ඒ පිලිබදව ඉන්දියාව මැදිහත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම ස්මාරකය කඩ...

 


යාපනය විශ්ව විද්‍යාලයේ ඉදිකර තිබූ ස්මාරකය කඩා බිද දැමීමෙන් පසු ඒ පිලිබදව ඉන්දියාව මැදිහත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම ස්මාරකය කඩා දැමීමෙන් පසු දින කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මුණගැසී ඒ ගැන සාකච්චා කල බව ‘ද හින්දු’ පුවත්පත් වාර්තාවක දැක්වෙයි.

අගමැතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා උපුටමින් මේ බව එම පුවත්පත විසින් වාර්තා කර තිබේ.

මෙම ස්මාරකය කඩා දැමීම නිසා දකුණු ඉන්දියාව කලබල ඇතිවනු ඇතැයිද මහ කොමසාරිස්වරයා එහිදී පෙන්වා දී ඇත.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා වහා ක‍්‍රියාත්මක වූ බවත් පසුව එම ස්මාරකය යලි ඉදිකිරීම සදහා විශ්ව විද්‍යාලයේ උපකුලතිම පැමිණ මුල්ගල තැබූ බවත් එහි තව දුරටත් දැක්වෙයි.

lankacnews

No comments

Ads Place