Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනාවට එරෙහි එන්නතක් මෙම මස අගදී ලංකාවට : සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

  කොවැක්ස් පහසුකම යටතේ කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් ලබාගැනීම මේ මස අගදී පමණ සිදුකළ හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ වස...

 


කොවැක්ස් පහසුකම යටතේ කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් ලබාගැනීම මේ මස අගදී පමණ සිදුකළ හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ මුල් මාස 03  ඇතුළත එන්නත් කිරීමේ වැඩසටහන ශ‍්‍රී ලංකාව තුළ ආරම්භ කළ හැකි බවයි. 


මේ අතර කොරෝනා වෛරසය ආසාදිතව සිටි තවත් 766 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලැබීමත් සමග මෙරටදී සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 42,091 ක් දක්වා ඉහළ ගියා. 


මේ අතර මෙරටට පැමිණි යුක්රේන සංචාරකයින් පිරිසක් අද මහනුවර දළදා මාලිගාවේ සංචාරයක නිරත වුණා. ඒ, රජයේ නිරෝධායන රීති හා දැඩි පරික්ෂා කිරීම්වලින් පසුවයි. කෙසේවෙතත්, යුක්රේන සංචාරකයින් දළඳා මාලිගාවට පැමිණීම සම්බන්ධයෙන් හිමිනමක් එහිදී විරෝධය පළ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

No comments

Ads Place