Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අන්තවාදය වැපුරූ තරුණයාගේ ගිණුම්වල කෝටි 6කට වැඩි මුදලක් හුවමාරු වෙලා සීඅයිඩිය උසාවියට දන්වයි

  මුස්ලිම් අන්තවාදියකු ලෙස හඳුන්වා දෙමින් ජනාධිපතිවරයාට හා සංඝරත්නයට අපහාස වන අන්දමේ වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහල සිද්දියේ සැකකරුගේ බැංකු ගි...

 


මුස්ලිම් අන්තවාදියකු ලෙස හඳුන්වා දෙමින් ජනාධිපතිවරයාට හා සංඝරත්නයට අපහාස වන අන්දමේ වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහල සිද්දියේ සැකකරුගේ බැංකු ගිණුම්වල රුපියල් ලක්ෂ හයසියවිසිපහකට අධික මුදලක් සංසරණය වී ඇතැයි රහස් පොලිසිය ඊයේ (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා වෙත දැනුම් දුන්නේය. මුහුණු පොත මඟින් ජාතීන් අතර වෛරයක් ඇති වන ලෙසට ප්‍රකාශ නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සැකකරු වැඩි දුර විමර්ශන සඳහා රහස් පොලිසිය භාරයට ලබා දෙන ලෙසට ඉල්ලීමක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්විය. ජනාධිපතිවරයා ගම සමඟ පිළිසඳර වැඩසටහනට එක් වෙමින් කළ ප්‍රකාශයක් පාදක කර ගනිමින් සැකකරු ජනාධිපතිවරයාට හා සංගරත්නයට අපහාස වන අන්දමේවීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්දිය සම්බන්ධයෙන් ඉකුත් 12 වැනි දින සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

noizetv

No comments

Ads Place