Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රධාන මාර්ගයක කොරෝණා පොකුරක්… 55ක් ආසාදිතයි.. ලොක්ඩවුන්…

  වව්නියාව නගරයේ ප්‍රධාන මාර්ගයක් වූ බසාර් වීදියේ පිහිටි වෙළඳසැල්හි හිමිකරුවන් ඇතුලු සේවකයින් 55 දෙනෙකුට කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද (...

 


වව්නියාව නගරයේ ප්‍රධාන මාර්ගයක් වූ බසාර් වීදියේ පිහිටි වෙළඳසැල්හි හිමිකරුවන් ඇතුලු සේවකයින් 55 දෙනෙකුට කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද (08) දින තහවුරු වීම හේතුවෙන් බසාර් වීදය හුදකලා කිරීමට පියවර ගත් බවට වව්නියාව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තිස්ස ලාල්ද සිල්වා මහතා පැවසුවේය.

පසුගිය 06 වනදා වව්නියාව නගරයේ බසාර් වීදිය , ධර්මලිංගම් වීධය සහ මාකට් වීදිය තාවකාලිකව වසා එම මාර්ගයන්හි පිහිටි වෙළඳසැල්හි හිමිකරුවන් සහ සේවකයින් 165 දෙනෙකු පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කල අතර අදාල පී.සී.ආර්. පරික්ෂණ යාපනයට යවා එහි වාර් ථා අද දින ලැබීමෙන් පසුව එම පිරිසෙන් 55 කට කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

අදාල පී.සී.ආර්. පරික්ෂණ වාර් ථා ලැබීමත් සමග පොලීසිය, යුද හමුදාව සහ සෞඛ්‍ය පරික්ෂක වරුන් වහාම ක්‍රියාත්මක වී බසාර් වීදියේ සියලු වෙළඳසැල් වසා දැමීමට පියවර ගත් අතර බසාර් වීදිය හුදකලා කිරීමටද පියවර ගනු ලැබීය.

මේ අතර කොරෝණා ආසාදිත වෙළඳසැල් වෙතින් බඩු බාහිරාදිය ගැනීමට පැමිණි පාරිභෝගිකයින්ටද දැඩි අවධානම් තත්වයක් පවතින හෙයින් අදාල පාරිභොගිකයින්ද දැඩි ලෙසින් සැලකිලිමත් වී කිසියම් අසනීපයක් ඇත්නම් ලඟම පිහිටි පොලීසියට හෝ සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයන් වෙතට දැනුම් දෙන ලෙසටද දැනුවත් කොට සිටියි.

මේ අතර කොවීඩ් ආසාදිත වෙළඳසැල් හිමිකරුවන් සහ සේවකයින් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් මේ වන විට හඳුනාගනිමින් නිරෝධායනය කොට ඔවුන් පී.සී.ආර්. පරික්ෂණයන් වෙතට යොමු කිරීමටද පියවර ගෙන ඇතැයි වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩි දුරටත් පැවසීය.

No comments

Ads Place