Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හෝමාගම මූලික රෝහලේ ගොඩගසා ඇති කොවිඩ් මෘත දේහ නරක් වෙයි – 5ක් මුස්ලිම්

  හෝමාගම මූලික රෝහලේ තැන්පත් කර ඇති කොවිඩ් මෘත දේහ එම පුද්ගලයන්ගේ ඥාතීන් විසින් භාර නොගන්නා හෙයින් මෘතදේහ නරක් වීමේ අවදානමක් ඇති වී තිබේ. මේ...

 


හෝමාගම මූලික රෝහලේ තැන්පත් කර ඇති කොවිඩ් මෘත දේහ එම පුද්ගලයන්ගේ ඥාතීන් විසින් භාර නොගන්නා හෙයින් මෘතදේහ නරක් වීමේ අවදානමක් ඇති වී තිබේ.


මේ හේතුවෙන් අර්බුද කාරී තත්වයක් ඇති වී ඇති අතර දේහ දෙකක් මේ වනවිටත් නරක් වෙමින් පවතින බවත් එය සෞඛ්‍ය සේවකයින්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් බවත් හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී, වෛද්‍ය වරුණා ජයසූරිය මහත්මිය පවසයි.


එම මෘතදේහ ආදාහනය කිරීමට අවශ්‍ය මිනී පෙට්ටි ද නොමැති බව පවසමින් හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඊයේ (04) නිහඬ විරෝධතාවයක නිරත විය.


ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ වෛද්‍ය නිලධාරිනී, වෛද්‍ය වරුණා ජයසූරිය මහත්මිය මෙසේ පැවසීය. 


“ශීතරකණයේ දේහයන් 4ක් තැන්පත් කිරීමට හැකියාව තිබියදී ඊයේ දවස වෙනකොට දේහයන් 8ක්. තිබෙන දේහයන් 6න් 5ක් ම මුස්ලිම් රෝගීන්ගේ දේහයන්. මේවා හඳුනාගැනීමට පවා ඉදිරිපත් වෙන්නේ නෑ. ඔවුන්ගේ විරුද්ධත්වය පළ කරන්නේ මේ ආදාහනය කිරීමේ ක්‍රියාවලියට. දේහ දෙකක් මේ වනවිටත් නරක් වෙමින් පවතිනවා. මේක අපේ සෞඛ්‍ය සේවකයින්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක්,” යනුවෙනි.

noizetv

No comments

Ads Place