Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුක්රේන කෘෂි අපද්‍රව්‍ය කන්ටේනර් 28න් අර්බුධ රැසක්

  ඇණවුම් කරන ලද කොත්තමල්ලි තොග වෙනුවට යුක්රේනයේ සමාගමක් විසින් කෘෂි අපද්‍රව්‍ය කන්ටේනර් 28 ක් එවා ඇත්තේ මෙරට වෙළෙඳුන් හත් දෙනකුට වන අතර ඉන් ...

 


ඇණවුම් කරන ලද කොත්තමල්ලි තොග වෙනුවට යුක්රේනයේ සමාගමක් විසින් කෘෂි අපද්‍රව්‍ය කන්ටේනර් 28 ක් එවා ඇත්තේ මෙරට වෙළෙඳුන් හත් දෙනකුට වන අතර ඉන් තිදෙනෙක් එම කොත්තමල්ලි සඳහා රුපියල් කෝටි හයකට වැඩි මුදලක් දැනටමත් ගෙවා දමා අවසන් බව වාර්තාවේ.

මෙකී කෘෂි අපද්‍රව්‍ය තොගය ශ‍්‍රී ලංකාවට බරපතළ හානි ගෙනදිය හැකි බැවින් තමන් ගෙවූ මුදල් යුක්රේන සමාගමෙන් ආපසු ලබා ගැනීම සඳහා මැදිහත් වන ලෙස අගතියට පත් ආණයනකරුවෝ ලක් රජයෙන් ඉල්ලා සිටින අතර මෙය දැන් බරපතළ අර්බුධයක් බවට පත්ව තිබේ.

මෙය සම්පූර්ණයෙන්ම යුකේ‍්‍රන සමාගමේ වංචාවක් විය හැකි බවට සැකයක් පවතී. මෙම අපද්‍රව්‍ය කන්ටේනර් තොගය ඔරුගොඩවත්තේ රේගු අංගනයේදී රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ශ‍්‍රී ලංකාව වැඩි වශයෙන්ම කොත්තමල්ලි ආණයනය කරන්නේ බල්ගේරියාව සහ රුමේනියාව යන රටවලිනි. පසුගිය වසර පහක කාලය තුළ කැනඩාවෙන් සහ මොරොක්කෝවෙන් ද කොත්තමල්ලි ආණැයනය කෙරේ. ඉන්දියාවේ කොත්තමල්ලි මිල අධික වන අතර තත්ත්වයෙන් ද උසස් බව කියවේ. කොත්තමල්ලි හිඟයක් මේ දිනවල වෙළෙඳපොළේ පැවතීම නිසා යුකේ‍්‍රනයට හදිසි ඇනවුමක් භාර දෙනු ලැබ ඇත.

lankaleadnews

No comments

Ads Place