Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දකුණේ විශාලම මත්කුඩු තොගය අල්ලයි.. වටිනාකම කෝටි 25 පනී…

  දකුණු පළාතේ කොස්ගොඩ ටකරන් වාඩිය ප්‍රදේශයේ ලඳු කැලෑවක සඟවා තිබියදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 23 ග්‍රෑම් 155 ක් බුද්ධි තොරතුරක් මත කොළඹ ...

 


දකුණු පළාතේ කොස්ගොඩ ටකරන් වාඩිය ප්‍රදේශයේ ලඳු කැලෑවක සඟවා තිබියදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 23 ග්‍රෑම් 155 ක් බුද්ධි තොරතුරක් මත කොළඹ විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් (12) දින රාත්‍රියේ සැකකරුවකු සමඟ සමග අත්අඩංගුවට ගත් බව කියයි .

පොලිතීන් බෑග් වල බහා තිබූ මෙම හෙරොයින් මත්කුඩු තොගය දකුණු පළාතෙන් සොයාගත් විශාලතම තොගය වන අතර එහි වෙළඳ වටිනාකම රුපියල් කෝටි 24 ක් පමණ විය හැකි බවත් එම නිලධාරීන් කියයි .

මෙම හෙරොයින් තොගය නීතිවිරෝධීව මෙරටට මෙයට පෙර ගෙන ආ තොගයකින් කොටසක් විය හැකි බවට සැක කරන අතර කොස්ගොඩ ප්‍රදේශයේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකුට අයත් මත්කුඩු විය හැකි යැයි සැක කරන බවත් පාර්සල් 20 ක අසුරා තිබූ මෙම මත්කුඩු තොගය දිවයිනේ ප්‍රදේශ රැසකට බෙදාහැරීමට සූදානම් කර තිබූ බවත් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කියයි.

විශේෂ කාර්ය බලකායේ බලකායේ අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබෙන අතර එම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ( 13) භාර දී තිබේ

No comments

Ads Place