Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වවුනියාව නගරයේ සංචාරණ සීමා කෙරේ : තවත් පුද්ගලයින් 2000ක ගේ PCR වාර්තා ලැබීමට නියමිතයි

  කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වවුනියාව නගර සීමාවේ වසා දමා තිබෙන මාර්ග ඉදිරි දින 12ක කාලය තුළත් තවදුරටත් හුදකලා කිරීමට වවුනියාව දිස්ත්‍ර...

 


කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වවුනියාව නගර සීමාවේ වසා දමා තිබෙන මාර්ග ඉදිරි දින 12ක කාලය තුළත් තවදුරටත් හුදකලා කිරීමට වවුනියාව දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කළ බව වවුනියාව දිස්ත්‍රික් ලේකම් එස්.එම් සමන් බන්දුලසේන පවසනවා.


කොවිඩ් අවධානම් තත්වය හේතුවෙන් අද (12) උදැසන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අදාළ තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


වවුනියාව නගරය තුළින් බිහි වු කොවිඩ් නව පොකුරේ  ආසාදිත සංඛ්‍යාව 121 ක් දක්වා වැඩිවීම හේතුවෙන් අදාළ තීරණය ගැනීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ.


යාපනය - නුවර ප්‍රධාන මාර්ගයේ වවුනියාව මුණ්ඩිමුරුප්පුව යුද හමුදා කඳවුර, වවුනියාව තාන්ඩිකුලම මංසන්ධිය, යාපනය ත්‍රිකුණාමලය මාර්ගයේ වවුනියාව මාමඩුව මංසන්ධිය හා වවුනියාව මන්නාරම මාර්ගයේ නෙළුක්කුලම මංසන්ධිය යනාදි ස්ථානයන්ගෙන් නගරයට පිවිසෙන ජනතාව සීමා කිරීමට කොවිඩ් මාර්දන කමිටුවේදී තීරණය කර ඇත.


ඉදිරි දින 12 කාලයේදී වවුනියාව නගරයේ පිහිටි වෙළඳසැල් හා බැංකු මෙන්ම පෞද්ගලික ආයතන වසා දමන බවත්,  රාජ්‍ය ආයතන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට කටයුතු කරන බවද දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ.


වවුනියාව නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයින් හා සේවකයින් 2000 ආසන්න පිරිසක් පී.සී.ආර් පරීක්ෂණය සඳහා යොමුකොට ඇති අතර, අදාල පරීක්ෂණ වාර්තා ප්‍රතිඵල මත තත්වය සම්බන්ධයෙන් තීරණ වෙනස්විය හැකි බවද දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කර සිටියා.


අදාළ පි.සි.ආර්. වාර්තා මත අනුව ඉදිරි තීරණ ගැනීමට නියමිත අතර,රාජ්‍ය නිළධාරීන් රාජකාරි හැදුනුම්පත භාවිතා කරමින් රාජ්‍ය ආයතන වෙත වාර්තා කළ යුතු බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවා.


දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසූවේ වවුනියාව රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් ආරක්ෂාවට යොදා සිටින ආරක්ෂක අංශ වෙත සිය අවශ්‍යතාවය පැහැදිල කර ඒ වෙනුවෙන් පැමිණීමට හැකියාවක් පවතින බවයි.


වවුනියාව පට්ටාන්චිචූර් ගම්මානයේ පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව,ඔවුනගේ ආශ්‍රිතයින් රැසකට වෛරසය ආසාදනය වි ඇති බවට අනතුරුව සිදුකළ පි.සි.ආර් පරීක්ෂණ මඟින් තහවුරු වුවා.

No comments

Ads Place