Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කටුනායක ගුවන්තොටුපොළේ නියෝජ්‍ය කළමණාකරුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වේ

  අන්තර් ජාල වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර සිටින්නේ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන සංචාරක කන්ඩායම පිලිගැනීමට මත්තල ගුවන්තොටුපොළට ගිය කට...

 


අන්තර් ජාල වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර සිටින්නේ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන සංචාරක කන්ඩායම පිලිගැනීමට මත්තල ගුවන්තොටුපොළට ගිය කටුනායක ගුවන්තොටුපොළේ නියෝජ්‍ය කළමණාකරුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවයි.

එමෙන්ම මෙම කළමණාකරු සමීපව ඇසුරු කළ සේවකයන් පිරිසක්ද නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි ගුවන් තොටුපොළ කාර්යභාර නිළධාරීවරයා ප්‍රකාශ කරයි.

නිළ නොවන වාර්තා පවසා සිටින්නේ යුක්රේනයෙන් පැමිණි සංචාරක කන්ඩායම තුළින්ද කොවිඩ් – 19 පොකුරක් ඇතිවූ බවත් සංචාරය සඳහා පැමිණි යුක්රේන ජාතික කොරෝන ආසාදිතයන් හය දෙනෙක් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත්ය.

උදයංග වීරතුංග මහතා විසින් ගෙන්වූ යුක්රේන සංචාරකයන් පිරිස සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කරන විට උදයංග පාර්ශවයෙන් පෙන්වා දුන්නේ මෙම යුක්රේන සංචාරක පොකුරෙන් ලංකාවේ කිසිවෙකුටත් කොරෝනා ආසාදනය නොවන බවයි. එසේම හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ, අමාත්‍යය ප්‍රසන්න රණතුංග සහ උදයංග වීරතුංග යන යුක්‍රේන සංචාරකයන් මෙරටට රැගෙන ඒමට මුල්වූ පිරිස් සඳහන් කරන්නේ සංචාරකයන් දින 14ක් හෝටල් වල රඳවා ගැනීම ප්‍රායෝගික නොවන බවයි.

No comments

Ads Place