Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

18 ට වැඩි අයට හමුදා පුහුණුව ලබාදීම සුරංගනා කතාවක්, වගකීමෙන් වැඩ කරන්න – ෆොන්සේකා යළි ගැටෙයි

 මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයා විසින් වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට හමුදා පුහුණුව ලබාදීමට යෝජනා කරන්නේ හමුදා පුහුණුව සම්බන්ධයෙන් කිසිදු අ...


 මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයා විසින් වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට හමුදා පුහුණුව ලබාදීමට යෝජනා කරන්නේ හමුදා පුහුණුව සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නොමැතිව බවත් එය සුරංගනා කතාවක් බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.


ඔහු මේ බව පැවසූවේ පාර්ලිමේන්තු විවාදයට සහභාගිවෙමිනි.


වයස අවුරුදු 18 ත් 26 ත් අතර තරුණයන් පමණක් මිලියන 4 කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් එක් අයෙකුට හමුදා පුහුණුව ලබාදීම සඳහා පමණක් ලක්ෂ 7 හමාරකට ආසන්න ප්‍රමාණයක් වැයවන බවත් ෆොන්සේකා  පෙන්වා දෙයි.


ලක්ෂයක පමණ පිරිසකට හමුදා පුහුණුව ලබාදීම සඳහා පමණක් කෝටි 7500 ක පමණ මුදලක් වැයවන බව පෙන්වා දෙන සරත් ෆොන්සේකා මහතා පවසන්නේ එවැනි වියදමක් දැරීමට තරම් රටේ ආර්ථිකය ශක්තිමත් නොවන බවය.


ඇමතිවරුන් සුරංගනා කතා නොකියා වගකීමෙන් යුතුව කටයුතු කළයුතු බව මන්ත්‍රීවරයා පවසයි.

noizetv


No comments

Ads Place