Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුලියාපිටිය රෝහලේ ශල්‍ය වාට්ටු සංකීර්ණයේ වෛද්‍යවරුන් ඇතුළු 14කට කොරෝනා

  කුලියාපිටිය ශික්ෂණ රෝහලෙහි වෛද්‍ය හෙද සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලවල 14 දෙනෙකු ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රථිපල අනුව කොවිඩ් ආසාදිතයින් බව හඳුනා ගෙන ඇති ...

 


කුලියාපිටිය ශික්ෂණ රෝහලෙහි වෛද්‍ය හෙද සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලවල 14 දෙනෙකු ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රථිපල අනුව කොවිඩ් ආසාදිතයින් බව හඳුනා ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.


ඊයේ පෙරවරුවේ එම පරික්ෂාවන් සිදුකර ඇති අතර එහිදී වෛද්‍යවරුන් සිව්දෙනෙකු, හෙද නිලධාරීන් 08 දෙනෙකු සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් දෙදෙනෙකු ආදී වශයෙන් ශල්‍ය වෛද්‍ය වාට්ටුවලට අනියුක්තව සේවය කළ 14 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවෙන් තහවුරු වූ බව කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක ප්‍රභාත් වේරවත්ත ප්‍රකාශ කර සිටියේ.


උණ, හතිය ආදී යම් යම් රෝග ලක්ෂණ සහිත තිදෙනෙකු කොළඹ IDH රෝහලටත් නාරම්මල පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයටත් කඩිනමින් යොමු කිරිමට කටයුතු කළ බවත් සෙසු ආසාදිතයින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදෙන උපදෙස් අනුව අවශ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරන බවයි රෝහල් පාලනාධිකාරිය සඳහන් කළේ.


මේ වන විට එම වාට්ටු සංකීර්ණයේ සේවය කළ සියලුම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලවල සියළුම දෙනා සහ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සියළුම රෝගීන් ද PCR පරික්ෂාවන්ට ලක් කොට ඇති බවත් එහි ප්‍රථිපල මේ වන තෙක් ලැබී නොමැති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවේ.


ආසාදිතයින්ගේ පවුල්වල පිරිස් මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇතිබවත් ආසාදිත පිරිසකගේ පලමු ආශ්‍රිතයින් සෙවීම සිදුකරනු ලබන බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.


කුලියාපිටිය රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවේ රෝගීන් 52 ක් ප්‍රතිකාර ලබමින් සිටින බවද පැවසූ අධ්‍යක්ෂකවරයා මේ වන විට ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ඇන්ටිජන් පරීක්ෂාවන් සිදුකර ඇති අතර අලුතින් පැමිණෙන රෝගීන් සෞඛ්‍යාරක්‍ෂාව සහිතව වෙනත් තාවකාලික ස්ථානයක් රැඳවීමටත් ඔවුන් සඳහා රෝහල් වෙනමම ශල්‍යාගාරයක සේවය ලබාදීමටත් මේ වන විට පියවර ගෙන ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවේ. 

nethnews

No comments

Ads Place