Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මන්ත්‍රී රංජන් රාමණායකට වසර 04ක සිර දඬුවම්

  පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් විනිසුරුවරුන්ට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්...

 


පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් විනිසුරුවරුන්ට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග  කළා.


ශ්‍රී ලංකාවේ බහුතර විනිසුරුවරුන් සහ නීතිඥවරුන් දූෂිත බවත් ඔවුන් මුදල් වලට වැඩ කරන බවට රංජන් රාමනායක හිටපු ඇමතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රකාශය ඔහු අවස්ථා ගණනකදී එනම් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටදී පවා තහවුරු කර ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු සිසිර ද ආබෲ මහතා පවසා සිටියා.


එම ප්‍රකාශය තමා කිසිම හේතුවක් මත ඉවත් නොකරගන්නා බවට විත්තිකාර රංජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති බවත් මෙම කරුණු අධිකරණයේ කැඳවූ සාක්ෂි වලින් සනාථ වන බවත් විනිසුරු සිසිර ද ආබෲ මහතා වැඩිදුරටත් පවසා සිටියා .


අද දින මෙම නඩුව සිසිර ද ආබෲ, විනිසුරු  විජිත් මළල්ගොඩ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අතර ඔවුන්ගේ ඒකමතික අනුමැතියෙන් රංජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන ලදී .


මෙම තීන්දුව වහා ක්‍රියාත්මක කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කරනු ලැබුවා.


2017 වසරේ අගොස්තු මස 21 දා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරනයට අපහාසයක් වී ඇති බව නීතිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

No comments

Ads Place