Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලොක්කන්ගේ පීඩා නිසා STF 3000ක් ඉවත් වීමට සැරසෙති

  පොලිස් විශේෂ කාර්ය බළකායේ ඇතැම් උසස් නිලධාරින්ගේ පීඩාකාරී පරිපාලන ක්‍රමවේද හේතුවෙන් එම බළකායේ සාමාන්‍ය රාජකාරි හී නියුතුව සිටින නිලධාරීන් ...

 


පොලිස් විශේෂ කාර්ය බළකායේ ඇතැම් උසස් නිලධාරින්ගේ පීඩාකාරී පරිපාලන ක්‍රමවේද හේතුවෙන් එම බළකායේ සාමාන්‍ය රාජකාරි හී නියුතුව සිටින නිලධාරීන් 3000කට අධික පිරිසක් ඉදිරියේදි සාමාන්‍ය පොලිස් සේවය වෙත මාරුවීමට අපේක්ෂාවෙන් සිටින බව ‘දිනමිණ’ ට වාර්තා වෙයි.


කොවිඩ්-19 දෙවැනි රැල්ලේ ව්‍යාප්තිය පාලනය කිරීමෙන් අනතුරුව අදාළ නිලධාරින් සිය මාරුවීම් උදෙසා බලකායේ අණදෙන නිලධාරිවරයා වෙත ලිපි භාරදීමට සූදානමින් සිටින බව වාර්තා වේ.


දීර්ඝ කාලයක සිට බළකායේ උසස් නිලධාරින් ඔවුන්ගේ පුද්ගලික සුඛවිහරණයට පමණක් සියලු පහසුකම් සපයා ගැනීම, අවධානම්කාරී නිල ඇඳුම් රාජකාරි කරන සාමාන්‍ය නිලධාරින්ට ප්‍රමුඛතාවක් නොදී මූලස්ථානයේ සිවිල් රාජකාරි හී නිරතවන පිරිස් වෙත සුවිශේෂි වරප්‍රසාද දීම සහ උසස් නිලධාරින් විසින් සාමාන්‍ය නිලධාරින්ගේ පුද්ගලික සුභසාධනය කිසිදු තැකීමකට ලක් නොකිරීම යන හේතු නිසාවෙන් මෙම තීරණය ගැනීමට නියමිත බව පැවැසේ

noizetv

No comments

Ads Place