Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

PHIලා සොයන මර්වින් සිල්වාගේ පාර්ටියේ නොදුටු දසුන් (වීඩියෝ)

  හිටපු අමාත්‍ය මර්වින් සිල්වා හා ඔහුගේ පුත් මාලක සිල්වා විසින් පවත්වන ලද සාදයක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂණක වරුන් තොරතුරු සොයමින් සිටි...

 


හිටපු අමාත්‍ය මර්වින් සිල්වා හා ඔහුගේ පුත් මාලක සිල්වා විසින් පවත්වන ලද සාදයක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂණක වරුන් තොරතුරු සොයමින් සිටින බව මාධ්‍ය වාර්තා කර තිබේ.

          

නත්තල් දිනයට දින කිහිපයකට පෙර මේ සාදය පවත්වා ඇති බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් පිරිසක් සහභාගිවී ඇති බවත් පැවසේ.මේ අතර, මෙවැනි සාදයක් පැවැත්වීම නිරෝධායන නීතියට පටහැනි බව.මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මාධ්‍යට පවසා තිබේ.


කෙසේවෙතත්, අදාළ තොරතුරු තහවුරුකර ගැනීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද එම සංගමය සඳහන් කරයි.ඔක්තෝම්බර් මාසයේදී ගැසට් කරන ලද COVID-19 වැළැක්වීමේ රෙගුලාසි යටතේ ගෘහස්ථ හා එළිමහන් සාද පැවැත්වීම තහනම් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එච්.


බාලසූරිය මහතා කියා සිටී.කොරෝනා වෛරසය පාලනය කිරීමට කටයුතු කරමින් සිටින මෙවන් වකවානුවක මෙවැනි කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අනුමැතිය ලබා නොදෙන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.



sri lanka mirror

No comments

Ads Place