Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා පාලනය කරගත නොහැකි තත්වයේ.. රට පුරා මූලාශ‍්‍ර නැති ආසාදිතයන්.. වහා සංචරණ සීමා පැනවිය යුතුයි..- PHI සංගමය

  කොරෝනා වෛරසය මේ වන විට මෙරට සෞඛ්‍ය අංශ වලට අවශ්‍ය ලෙස තවදුරටත් පාලනය කරගත නොහැකි තත්ත්වයට පැමිණ ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳ...

 


කොරෝනා වෛරසය මේ වන විට මෙරට සෞඛ්‍ය අංශ වලට අවශ්‍ය ලෙස තවදුරටත් පාලනය කරගත නොහැකි තත්ත්වයට පැමිණ ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ මෙම උත්සව සමයේ වෛරස ව්‍යාප්තිය අවදානම් තත්ත්වයක පවතින නිසා වගකීමකින් ජනතාව කටයුතු නොකළහොත් කොරෝනා ව්‍යාප්ත තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

කොළඹ නාගරික ප්‍රදේශය තුළ මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ඇතැයි ද ඔහු සඳහන් කළේය.

කොරෝනා පාලනය සම්බන්ධයෙන් කාර්ය සාධක බලකාය යහපත් තීරණ ගෙන ඇතත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරන ගැසට් නිවේදන ව්‍යාකූල තත්ත්වයක පවතින හෙයින් නිරෝධායන කටයුතු ද ව්‍යාකූල වී ඇතැයි ඔහු කියා සිටියේය.

රට වසාදැමීමට අවශ්‍ය නොවුනද කොරෝනා අධි අවදානම් ප්‍රදේශවල සිට අනෙක් ප්‍රදේශවලට පුද්ගලයන් සංචරණය සීමා කිරීම වහා සිදු කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

මූලාශ්‍රයන් සොයාගත නොහැකි තරමේ ආසාදිතයන් රට පුරා වාර්තා වෙමින් ඇතැයි ද ඉන් පෙනී යන්නේ වසංගතය පාලනයෙන් ගිලිහී යාම බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

No comments

Ads Place