Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට වැඩිම PCR පරීක්ෂණ ඊයේ වාර්තා වෙයි

  ඉකුත් පෙබරවාරි මස 18 වනදා සිට මේ දක්වා කාලය තුලදී මෙරට සිදුකර ඇති වැඩිම දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්...

 


ඉකුත් පෙබරවාරි මස 18 වනදා සිට මේ දක්වා කාලය තුලදී මෙරට සිදුකර ඇති වැඩිම දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ ඊයේ දිනයේදී පමණක් මෙරට තුළ PCR පරීක්ෂණ 17,425 ක් සිදුකර ඇති බවයි. ඒ අනුව මේවනවටි මෙරට තුළ සිදුකර ඇති සමස්ථ PCR පරීක්ෂණ සංඛ්‍යාව නව ලක්ෂ 88,964 ක්. 


මේ අතර ති‍්‍රවිද හමුදාව යටතේ කි‍්‍රයාත්මක නිරෝධායන මධ්‍යස්ථාන 66 කදී පුද්ගලයින් 6, 810 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. මේවනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 


31, 375 ක්. ආසාදිතයින් 22, 831 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් අවසන්. ඒ අනුව කොරෝනා ආසාදිතයින් 8, 398 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප‍්‍රතිකාර ලබිමින් සිටින බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ. 

No comments

Ads Place