Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බ්‍රිතාන්‍ය Pafizer ට අමතරව AstraZeneca එන්නතත් ලබාදීම අරඹයි

  මෑතකදී තම එන්නතේ සාර්ථකත්වය වර්ධනය කර ගැනීම සඳහා රුසියාවේ Sputnik V එන්නත සමඟ ඒකාබද්ධ වූ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයයේ AstraZeneca එන්නත එර...

 


මෑතකදී තම එන්නතේ සාර්ථකත්වය වර්ධනය කර ගැනීම සඳහා රුසියාවේ Sputnik V එන්නත සමඟ ඒකාබද්ධ වූ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයයේ AstraZeneca එන්නත එරට වැසියන්ට ජනවාරි 04 වන දින සිට ලබාදීම අරඹන බවත් ඒ සඳහා එරට ඖෂධ සහ සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන නියාමන ඒජන්සියේ [Medicines and Healthcare products Regulatory Agency (MHRA)] අනුමැතිය ලැබී ඇති බවත් සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසා සිටී.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය තුළ මූළිකව වර්ධනය කරන ලද AZD1222 ලෙස නම් කර ඇති මෙම එන්නත ස්වීඩන්-බ්‍රිතාන්‍ය ඒකාබද්ධ ඖෂධ පතාකයෙකු වන AstraZeneca සමාගම විසින් නිෂ්පාදනය කරන අතර එහි සාර්ථකත්වය වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින් මේ වනවිට 96%ක සාර්ථකත්වයක් පෙන්වා ඇති රුසියාවේ Sputnik V එන්නත සමඟ ඒකාබද්ධ පර්යේෂණයන්හි නියැලෙමින් සිටී.

එමෙන්ම, විවිධ වාද විවාද මධ්‍යයේ පසුගිය සතියේ ආරම්භ කරන ලද වැඩපිළිවෙල යටතේ ජර්මනියේ BioNtech ආයතනය විසින් වර්ධනය කරන ලදුව ඇමරිකාවේ Pfizer සමාගම විසින් නිෂ්පාදනය කරන Tozinameran ලෙස නම් කර ඇති එන්නත ද මේ වනවිට එරට වැසියන්ට ලබාදෙමින් තිබේ.

මෙම නව එන්නත් වැඩසටහන පිළිබඳව තම සතුට පලකරමින් හැන්කොක් විසින් නිකුත් කර ඇති ට්විටර් පණිවිඩය පහත දැක්වේ.

lakaleadnews



No comments

Ads Place