Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මවුන්ජින් වත්ත හදුකලා කෙරේ….

  අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන වටවල මවුන්ජින් වත්ත  (28) දින සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා කල බව අඹගමුව සෞඛ්‍යය ව...

 


අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන වටවල මවුන්ජින් වත්ත  (28) දින සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා කල බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරින් ක්‍රිෂාන් පේමසිරි මහතා පැවසිය.

හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් වැඩි ප්‍රමාණයක් සහ එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන්ද විශාල පිරිසක් (27) දින වන විට හමු වු නිසා මවුන්ජින් වත්ත හුදකලා කිරිමට තිරණය කල බවයි සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා කියා සිටියේ.

හුදකලා කර ඇති වටවල මවුන්ජින් වතු යාය පවුල් ගණනාවක් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කිරිමට නියමිත බවත් , වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත  ශාලාවේ සේවක සේවිකාවන් සහ ඔහුන්ගේ ආශ්‍රිතයන් 59 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට මේ වන විට තහවුරු වි ඇත.

එම අසාදිතයන් සියළු දෙනා මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇත.

No comments

Ads Place