Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෑගල්ලේ පැණිය තනිකරම වංචාවක්.. එය බිවු සියල්ලන්ගේ ශරීරයේ විශ..- වෙන්ඩෝල් සභාපති ආයුර්වේද වෛද්‍ය ලේල්වල ගොඩකන්ද

  කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා මර්දනය සඳහා හඳුන්නා දුන් පැණිය මුළුමනින්ම වංචාවක් බව වෙන්ඩෝල් ලංකා සමාගම සභාපති ආයුර්වේද වෛද්‍ය ශ...

 


කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා මර්දනය සඳහා හඳුන්නා දුන් පැණිය මුළුමනින්ම වංචාවක් බව වෙන්ඩෝල් ලංකා සමාගම සභාපති ආයුර්වේද වෛද්‍ය ශිරෝමණී පණ්ඩිත ලේල්වල ගොඩකන්ද මහතා සඳහන් කරයි.

එකී පැණිය පානය කළ අයගේ මුළු ශරීරෙය්ම දැන් විස ඇති බවත් වහාම ඒ විෂ ඉවත් කරගත යුතු බවත් ඔහු සඳහන් කරයි.

මෙම පැණිය පානය කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාද බරපතල අනතුරක බවත් ඔහු කියා සිටී.

ආයුර්වේදයට අනුව කිසිම දවසක මීපැණි රත් කරන්නේ නැති බවත් රත් කල මී පැණි වස වන බවත් ඔහු පවසයි.

එමෙන්ම සාදික්කා භාවිතා කිරීමද තනිකරම වසක් බව ද ඔහු කියා සිටී.

මෙම කටයුත්තට ආයුර්වේද ඇමතිවරයා සහ කොමසාරිස්වරයා වක කිවයුතු බවත් මෙය මුළු රටක් නොමඟ යවන මාධ්‍ය සංදර්ශනයක් පමණක් යැයිද ඔහු පෙන්වා දෙයි.

මෙම වංචාවන්ට තවදුරටත් ඉඩ නොදිය යුතු බවත් ඒ මහතා කියා සිටියේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

තමන් විසින් දැනට සතියකට පමණ පෙර කොරෝනා සදහා යොදාගත හැකි ආයුර්වේද ඖෂධයක් ‘සුදර්ශණ චූර්ණය’ නමින් හදුන්වා දුන් බවත් එය ඉතා හොදින් වෛරසය නසා දමන බවත් ඔහු එහිදී පැවසීය.

තමන්ගේ ඖෂධයේ පර්යේෂණ පත‍්‍රිකාව අන්තර්ජාලයේ ඇති බවත් ඉන්දීය රජය විසින් අනුමත කර ඇති බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.



No comments

Ads Place