Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩෙන්මාර්කයේ වළදැමූ මින්ක් සතුන් නැවත ගොඩගෙන ආදාහනය කිරීමට පියවර

  ඩෙන්මාර්කයේ පැතිරෙමින් පවතින නව කොවිඩ් 19 ප්‍රභේදය එහි මින්ක් සතුන්ට ද වැළඳීමට පටන් ගැනීමෙන් අනතුරුව පසුගිය මස ඩෙන්මාර්කයේ අගමැතිවරිය වන M...

 


ඩෙන්මාර්කයේ පැතිරෙමින් පවතින නව කොවිඩ් 19 ප්‍රභේදය එහි මින්ක් සතුන්ට ද වැළඳීමට පටන් ගැනීමෙන් අනතුරුව පසුගිය මස ඩෙන්මාර්කයේ අගමැතිවරිය වන Mette Frederiksen පාර්ළිමේන්තු අනුමැතියකින් තොරව සියලුම මින්ක් සතුන් වඳ කර දමන ලෙස කරන ලද නියෝගය අනුව එරට මින්ක් ගොවිපලවල් වල සිටි එම සතුන් මිලියන 15ක් මරා දැමීමට ගොවිපලවල හිමියන් කටයුතු කර තිබූ අතර මේ වනවිට එය බරපතළ සමාජ ආර්ථික මෙන්ම දේශපාළන සහ සෞඛ්‍ය ගැටලුවක් බවට ද පත්වෙමින් ඇති බව වාර්තා වේ.

මෙම වඳ කිරීමට පෙර එරට ජනගහණය මෙන් තුන් ගුණයක් මින්ක් සතුන් එහි සිටි බව ද වාර්තාවේ.

ඩෙන්මාර්කයේ තරමටම නොවූවත් සපාඤ්ඤයේ සහ නෙදර්ලන්තයේ ද කොවිඩ් උවදුර නිසා මෙවැනි මින්ක් වඳ කිරීම් සිදු කර ඇත.

මෙහිදී ඇය “නීතිය නැවීමට” කටයුතු කර ඇති බවට ඇයට එරෙහිව චෝදනා ද මතුවෙමින් ඇති අතර එවැනි සත්ව ගොවිපලක් නිරීක්ෂණය කිරීමට ගිය ඇය කඳුලු සලමින් ඒ පිළිබඳව සමාව ඇයද ඇත. එම “මින්ක් වඳකිරීම” අතීතයට ද බලපාන පරිදි නීතිගත කිරීමට නීති සම්පාදනය කිරීමට එරට රජය දැන් උත්සාහ දරමින් සිටින බව වාර්තාවේ.

කෙසේ වුවද එසේ භූමදානය කළ මින්ක් සතුන් පසෙන් මතුපිටට මතුවීමෙන් සහ පානීය ජල මූලාශ්‍රවලට වෛරසය මුහු වීමේ අවදානමක් මතු වීමෙන් දැන් නැවතත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් ද මතු වෙමින් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටී.

ඩෙන්මාර්ක් කෘෂිකර්ම අමාත්‍ය Rasmus Prehn මෙම සෞඛ්‍ය ගැටලුව පිළිබඳව පවසන්නේ මෙම මින්ක් සතුන් නැවත ගොඩගෙන එම ස්ථාන වලදීම ආදාහනය කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.

lankaleadnews

No comments

Ads Place