Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෙමල සන්ධානයේ බලකොටුව ගිලිහේ… යාපනේ මහනගර සභාවට වෙන පක්‍ෂයක් බලය පිහිටුවයි..

  යාපනය මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස දෙමළ ජාතික මහජන පෙරමුණ  නියෝජනය කළ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය. දෙමළ ජා...

 


යාපනය මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස දෙමළ ජාතික මහජන පෙරමුණ  නියෝජනය කළ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය.

දෙමළ ජාතික සන්ධානයට බලය හිමි යාපනය මහ නගර සභාවේ 2021 වර්ෂයට අදාළ අයවැය කියවීම දෙවැනි වරටත් පරාජයට පත්වීම හේතුවෙන් තනි පක්ෂයක් වෙත 50% හෝ බලයක් නොමැතීවීම හේතුවෙන් යාපනය මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා පත් කිරීමේ ජන්ද විමසීමට සිදුවිය.

ඒ අනුව ඡන්ද විමසීම (29) උතුරු පළාත් පළාත් පාලන කොමසාරිස් ෆැට්‍රික් නිරන්ජන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී යාපනය මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස දෙමළ ජාතික මහජන පෙරමුණ නියෝජනය කළ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් මහතා වෙත ජන්ද 21 ක්ද, මහ නගර සභාවේ හිටපු නගරාධිපති වු දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී (ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයෙන් තරඟ කළ) එමානුවේල් ආනෝල්ඩ් මහතා වෙත ජන්ද 20 ක්ද හිමිවු අතර, එහිදි වැඩි එක් ජන්දයක් ලබා ගනිමින් යාපනය මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස දෙමළ ජාතික මහජන පෙරමුණ නියෝජනය කළ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් මහතා ජයග්‍රහනය කරන ලදි.

යාපනය මහ නගර සභාවේ 2021 වර්ෂය සඳහා වන අය වැය ජන්ද විමසීම පළමු වර කියවීම දෙසැම්බර් 02 වැනිදා පරාජයට පත් වීමෙන් පසුව දෙවැනිවර කියවීම පසුගිය 16 වැනිදා වැඩි ජන්ද තුනකින්ද පරාජයට පත්ව තිබුණි.

මේ අනුව නව නගරාධිපතිවරයා තේරීමේ ජන්ද විමසීමේදී දෙමළ ජාතික මහජන පෙරමුණ නියෝජනය කළ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් මහතා වෙත ඊ.පි.ඩි.පි පක්ෂයේ මන්ත්‍රීවරු දසදෙනකු , දෙමළ ජාතික මහජන පෙරමුණ පක්ෂයේ මන්ත්‍රීවරු දසදෙනකු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් මන්ත්‍රීවරයකු ඡන්දය ප්‍රකාශකොට තිබූණි.

යාපනය මහ නගර සභාවේ හිටපු නගරාධිපති එමානුවේල් ආර්නෝල්ඩ් මහතා වෙත දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 15 දෙනෙකු, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු, දෙමළ නිදහස් පෙරමුණ මන්ත්‍රීවරයකු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු  පක්ෂව ඡන්දය ප්‍රකාශකොට තිබූණි.

No comments

Ads Place