Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හැරෙන හැරෙන පැත්තට අත් උස්සන බුද්ධිමතුන්ගෙන් රටට වැඩක් නෑ…- කිරිඇල්ල

  හැරෙන හැරෙන පැත්තට අත් උස්සන බුද්ධිමතුන්ගෙන් රටට වැඩක් නැහැ යයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ...


 හැරෙන හැරෙන පැත්තට අත් උස්සන බුද්ධිමතුන්ගෙන් රටට වැඩක් නැහැ යයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මන්ති‍්‍රවරයා මෙම අදහස් ප‍්‍රකාශ කලේ පාර්ලිමේන්තුවේදි 2021 අයවැය කාරක සභා විවාදයට එක්වෙමිනි.

මෙහිදි අදහස් දැක්වූ මන්ති‍්‍රවරයා මෙසේ පැවසීය.

මමත් අවුරුදු එක හමාරක කාලයක් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කලා. ඒ කාලය තුලදී උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රය වෙනුවෙන් සිදුකල සේවය පිලිබද දැනුවත් කිරිම මාගේ වගකීමක්. විශේෂයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලය, කැළණිය විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, වයඹ විශ්වවිද්‍යාලය, සබරගමුව විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය, රුහුණ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා ශ‍්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයෙහි තාක්ෂණ පීඨ 10ක් ආරම්භ කිරීමට අනුමැතිය ලබාගෙන එයින් තාක්ෂණ පීඨ පහක ඉදිකිරිම් මාගේ කාලය තුලදී ආරම්භ කළා. ඒ අනුව ප‍්‍රථම වතාවට රුහුණු විශ්වවිද්‍යාලය, වයඹ විශ්වවිද්‍යාලය, අග්නිදිග විශ්වවිද්‍යාලය, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා කොළඹ විශ්වවිද්‍යාලයෙහි තාක්ෂණ පීඨය අපේ කාලය තුළදි ආරම්භ කළා.

ඒ වගේම අපි ලබාගත් තවත් ජයග‍්‍රහණයක් තමයි විශ්ව විද්‍යාල සිසුන්ගේ නේවාසික ප‍්‍රශ්ණයට විසදුම් ලබාදීමට හැකිවීම. ඒ අනුව අපි නව නේවාසිකාගාර 24ක් ඉදිකරලා ඒ ගැට`එවට සම්පූර්ණයෙන්ම විසදුම් ලබාදුන්නා. අද විශ්ව විද්‍යාල සිසුන් පෙළපාලි යන්නේ නැහැ නේවාසික පහසුකම් ඉල්ලලා. කාලයක් තිබුනා එහෙම. ඒ වගේම සරසවි සිසුන්ට ලැප්ටොප් පරිඝණක ලබාගැනීමට පොළී රහිත ණය මුදලක් අපි ලබාදුන්නා. සරසවි වරම් අහිමි වන සිසුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාලකින් හෝ තම උපාධිය සම්පුර්ණ කරගැනීමට රු. ලක්ෂ 11ක් දක්වා පොළී රහිත ණය මුදලක් අපි ලබාදුන්නා. මහපොළ ශිෂ්‍යාධාරය රු. 5000ක් දක්වාත් අනෙක් ශිෂ්‍යාධාර රු. 4000ක් දක්වාත් වැඩිකළා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම මට මහාමාර්ග අමාත්‍යධූරයත් තිබුණ නිසා සියලූම විශ්ව විද්‍යාල වල යටිතල පහසුකම් සංවර්ධනය කළා.

ඒ වගේම මම කියන්න ඕන යහපාලන ආණ්ඩුව වයිෆයි, ටැබ් පරිඝණක ගැන කතාකරනකොට අපිට හිනාවුනා. නමුත් විපක්ෂයෙන් එදා අපිට ඒ සහයෝගය දුන්නානම් ඒ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරිමේ හැකියාව තිබුනා. කෙසේ හෝ අද කොරෝනා කාලයේ දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමය සාර්ථකව සිදුකරන්න අපේ ව්‍යාපෘතිය දායක වී තිබෙනවා. ඒ වගේම අපේ දරුවන් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රට යනවා. පෞද්ගලික විශ්ව විද්‍යාල මුලින්ම ආරම්භ කලේ මේ ආණ්ඩුවයි සයිටම් එක ආරම්භ කරලා අපේ ආණ්ඩුව ආව ගමන් ඒකට විරෝධය පෑවා. නමුත් අපේ ආණ්ඩුවේ ඇතැම් අය විරෝධතා වලට බයවෙලා ඒක අහෝසි කළා. නමුත් අහෝසි කරලා මාසයක් යනකොට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව ලැබුවා සයිටම් එක පිළිඅරගෙන. විශ්ව විද්‍යාල වලට හැම ලමයෙක්ම ඇතුලත් කරන්න බැහැ. නමුත් අපේ සිසුන් විශාල ප‍්‍රමාණයක් ප‍්‍රතික්ෂේප වෙනවා. ඒ නිසයි අපි ඒ අයට ලක්ෂ 11ක් දක්වා ණය මුදලක් ලබාදුන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් හෝ උපාධිය ලබාගන්න.

ඇත්තවශයෙන්ම අපි විශ්ව විද්‍යාල සමග සමීපව කටයුතු කලා. ඒ කියන්නේ අපේ දේශපානය මතය කි‍්‍රයාත්මක කිරිම නෙමේ. අපි නිදහස ලබාදුන්නා. උපකුලපතිවරුන් තේරීමේදි විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයට බලය ලබාදුන්නා. නමුත් අද ඒක වෙනස් කරලා. මම ජී.එල්. පීරිස් අමාත්‍යතුමාගෙන් කීපවතාවක් මේ ගැන ප‍්‍රශ්ණ කලා. එතුමා ප‍්‍රකාශ කලා ඡුන්දෙන් පත්කලේ නැහැ කියලා. මම 2018 චක‍්‍රලේඛනය ඉදිරිපත් කරනවා. මොකද එතුමට කව්රුහරි වැරදි තොරතුරු ලබාදෙනවා. ඇයි මේ විදිහට විශ්ව විද්‍යාල කථිකාචාර්්‍යවරුන් වහල්ලූ කරගන්න හදන්නේ. දැන් ඡුන්ද නැහැ. දැන් කමිටුවක් හරහා තමන් කැමති අයට ලකුනු ලබාදීලා ඒ අයව පත්කරනවා. මේක බලවත් අසාධාරණයක්. අද විශ්ව විද්‍යාල වහල්ලූ බවට පත්කරගන්නවාට අපි විරුද්ධයි. 20 සංශෝධනය හරහා මුලූ රටේම පුරවැසියන් වහලූන් කළා. අපේ රටේ ව්‍යවස්ථාව අනුව පත්වීම් 75ක් කරන්න පු`එවන්. අද ඒ හැම පත්වීමක්ම කරන්නේ ජනාධිපතිතුමා. කාගෙන්වත් අහන්න ඕන නැහැ නීතිපතිවරයා , ශේ‍්‍රෂ්ඨාධීකරන විනිසුරු, ගණකාධිකාරිවරයා, මැතිවරණ දෙපාර්තමේන්තුව ආදි සියලූ පත්වීම් කරන්නේ ජනාධිපතිතුමා. අපේ රටේ ඉතිහාසය ලියනකොට මේ කාලවකවානුව කුණුබක්කියට යනවා ඒකාන්තයි. ජී එල්. පිරිස් මැතිතුමා තමයි එදා චන්දි‍්‍රකා මැතිණිය සමග ස්වාධින කොමිෂන් ඕන කියලා කෑ ගැහුවේ. 17වන සංශෝධනය ගෙනාවේ එතුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ. එතුමා තමා කිව්වේ මේ ඔක්කොම ස්වාධීන වෙන්න ඕන කියලා. එතුමා මොකද්ද කලේ 18 ඇතිකරන්නත් ඡුන්දේ දුන්නා නැතිකරන්නත් ඡුන්දේ දුන්නා. ඊට පස්සේ 19 ගේනකොට මෙතුමා හිටියේ නැහැ. මෙතුමාගේ පක්ෂය අපිත් එක්ක එකතුවෙලා 19ට ඡන්දේ දුන්නා . දැන් ආයෙත් 20 ගේනකොට ඒකටත් ඡුන්දේ දුන්නා. මෙතුමා ස්වාධීන කොම්ෂන් ඇති කරන්නයි නැතිකරන්නයි අපේ රටේ ජනතාව වහලූන් කිරිමට ඡුන්දේ ලබාදුන්නා. ඉතින් ඒ වගේ බුද්ධිමතුන් අපිට වැඩක් නැ. බුද්ධිමත් කිව්වට හැරෙන හැරෙන පැත්තට අත උස්සලා මේ රටේ ගමන විනාශ කිරිමට උත්සාහ කරන අය අපි හෙළා දැකිය යුතුයි. මෙතුමා තාම දන්නේ නැහැ මේ ඡුන්දය අහෝසි කරලා කියලා. මේ චක‍්‍රලේඛනය ඉදිරිපත් කළත් ඒක පිලිගන්නේ නැහැ. මේ විදිහට විශ්ව විද්‍යාල වහලූන් කරනවානම් ඒක අපේ රටේ නිදහස් අධ්‍යාපනට විශාල මරුපහරක්.

– මාධ්‍ය ඒකකය

No comments

Ads Place