Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අයහපත් කාලගුණය මැද සෙල්ෆි ජායාරූප ගැනීමට හෝ එළිමහනට යාමෙන් වලකින්න - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

  පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමග ජනතාව අනවශ්‍ය අයුරින් එළිමහන් ප්‍රදේශවලට යාමෙන් වලකින ලෙස ආපදා කලමනාකරනා ඒකකය දැනුම් දී සිටිනවා. අපදා තත්ත...

 


පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමග ජනතාව අනවශ්‍ය අයුරින් එළිමහන් ප්‍රදේශවලට යාමෙන් වලකින ලෙස ආපදා කලමනාකරනා ඒකකය දැනුම් දී සිටිනවා.


අපදා තත්ත්වයන් ඇතිවන අවස්ථාවන් වලදී ඇතැම් පුද්ගලයින් එළිමහන් ස්ථානවල රැඳෙමින් සෙල්ෆි ජයාරූප ගැනීමට සහ එවැනි අවස්ථා රූගත කිරීමට උත්සහ දරන බැවින් එවැනි කටයුතු වලින් වලකින ලෙසය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජනරාල්, මේජර් ජනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහජනතාවගෙන් ඉල්ලා සිටි.


සුළි කුණාටුව සමග ඇතිවිය හැකි අධික වැසි සමග හදිසි ගංවතුර තත්ත්වයන් ඇතිවුවහොත් එවැනි ස්ථානවල ජල ක්‍රීඩාවල යෙදීමට සහ ඔරු පැදීමට යාමෙන් වලකින ලෙස ද ඔහු වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියා.


හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල දිසාපතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බවත් ඒ සඳහා මුලික වශයෙන් රුපියල් මිලියනය බැගින් වෙන් කර ලබාදී ඇත.


මේ අතර බුරාවී සුළි කුණාටුවෙන් අවධානමක් එල්ල විය හැකි සෑම දිස්ත්‍රික්කයකම ආපදා සහන කඳවුරු 50 බැගින් පිහිටුවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්ය්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

No comments

Ads Place