Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාවනැල්ලේ බුදුපිළිම සිද්ධිය ගැන ආණ්ඩුවේ දැඩි අවධානය

  මාවනැල්ල ප‍්‍රදේශයේ තවත් බුද්ධ මන්දිර 02 කට කිසියම් පිරිසක් පහරදී අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. අධිකරණ අමා...

 


මාවනැල්ල ප‍්‍රදේශයේ තවත් බුද්ධ මන්දිර 02 කට කිසියම් පිරිසක් පහරදී අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි නෙත් නිවුස් වෙත කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවයි. 


මෙලෙස කිසියම් පිරිසක් හානි කර තිබූ එක් බුදු මැදුරක් වන්නේ මීට වසර 02  කට පෙර කිසියම් පිිරිසක් පහර දී හානිකර තිබු බුදු මැදුර වීම විශේෂත්වයක්. මාවනැල්ල, හිගුල ප‍්‍රදේශයේ කොළඹ - නුවර ප‍්‍රධාන මාර්ගය අසල ඇති මෙම බුද්ධ මැදුරටයි කිසියම් පිරිසක් මෙලෙස පහරදී තිබුණේ. මාවනැල්ල, අලූත්නුවර නගරයේ ද, බුදු මැදුරකට කිසියම් පිිරිසක් හානි කර ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. මෙම සිද්ධියෙන් පසු පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද්ධ හමුදාව ද මාවනැල්ල නගරයේ ආරක්ෂාව තරකළා. 


මෙම සිද්ධිය වාර්තා වුණේ මාවනැල්ල, මොල්ලිගොඩ ප‍්‍රදේශයේ ගල් කොරියක තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කණ්ඩායම් 05 ක්ද විමර්ශන ආරම්භ කර ඇති පසුබිමක් තුළයි. 

No comments

Ads Place