Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නෙදර්ලන්ත හිමියන්ව මරා දැමීම ගැන සොයන්න විශේෂ මෙහෙයුමක්

  රත්ගම, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමිගේ මරණයේ අබිරහස සෙවීමට ජාතික ජලජ ජීවී පර්‌යේෂණ හා සංවර්ධන නියෝජ...

 


රත්ගම, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමිගේ මරණයේ අබිරහස සෙවීමට ජාතික ජලජ ජීවී පර්‌යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය (නාරා) විසින් සුවිශේෂී කැමරා පද්ධතියක් යොදාගෙන රත්ගම කලපු පතුල පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් අරඹා ඇතැයි වාර්තා වේ.

          

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු කණ්ඩායමක් නාරා ආයතනයේ සහාය ගෙන මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.

ඊට අමතරව අධි තාක්ෂණික ඩ්‍රෝන කැමරා යොදවා ගුවනින් ඡායාරූප ගැනීමටද පියවර ගෙන තිබේ. රත්ගම ගඟ පතුල පරීක්ෂාවට ලක් කළද සැකකටයුතු කිසිවක් මෙතෙක් හමු වී නැතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


මෙම සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ගම්වාසීන් 75 කගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.මෙම කලපුව හරහා පාලමක් ඉදිකිරීමට යාම සම්බන්ධව භික්ෂූන්ගේ විරෝධය පළවීම නිසා මෙම භික්ෂුව ඝාතනය කළ බවට කට කතා පැතිර යන බවද වාර්තා වේ.

sri lanka mirror

No comments

Ads Place