Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ධම්මික පැණියේ රජරට පර්යේෂණ වාර්තාව බාර දේ.. රෝගීන්ට ලබා දීමට සියල්ල සූදානම්..

  කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය පාලනය සඳහන් නිෂ්පාදනය කරන ලද ඖෂධය කොරෝනා ආසාදිතයන් සඳහා සායනික මට්ටමින් භාවිතා කිරීමට කටයුත...


 කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය පාලනය සඳහන් නිෂ්පාදනය කරන ලද ඖෂධය කොරෝනා ආසාදිතයන් සඳහා සායනික මට්ටමින් භාවිතා කිරීමට කටයුතු සූදානම් වෙමින් තිබේ.

ඒ අනුව එහි ඉදිරි ප්‍රතිඵල සති දෙක තුනක පමණ කාලයක් ඇතුළත නිකුත් කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.

එම පැණි සඳහා ආචාර ධර්ම කමිටුවේ තීරණය අද හෝ හෙට දිනයේ ලැබෙනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාද පැවසීය.

ආචාර ධර්ම කමිටුවේ තීරණය මත එම ඖෂධය සායනික පරීක්ෂණ සඳහා යොමු කිරීමට යොමු කෙරෙනු ඇත.

රජරට විශ්ව විද්‍යාලය විසින් එම ඖෂධය පිළිබඳ සිදු කරන ලද පර්යේෂණ පත්‍රය ආචාරධර්ම කමිටු වෙත භාරදී ඇතැයිද වාර්තා වෙයි.

No comments

Ads Place