Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අ පො ස උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීමේ තෙවැනි අදියර ආරම්භ වේ

  විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කරන්නේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත‍්‍ර පරීක්ෂා කිරීම අවසන් අදියර ආර...

 


විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කරන්නේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත‍්‍ර පරීක්ෂා කිරීම අවසන් අදියර ආරම්භ කළ බවයි.

ඒ අනුව දෙසැම්බර් 12 වැනිදා වන විට උසස් පෙළ විභාග ප‍්‍රශ්න පත‍්‍ර ඇගයීමේ පළමු සහ දෙවන අදියර අවසන් කර තෙවන අදියරේ ප‍්‍රශ්න පත‍්‍ර පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බවද හෙතෙම පැවසීය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ ප‍්‍රශ්න පත‍්‍ර පරීක්ෂා කිරීමේදී බස්නාහිර පළාත හැර අනෙකුත් පළාත්වලින් ආරම්භ කළ බවත්, මේ වන විට බස්නාහිර පළාතේ ද ප‍්‍රශ්න පත‍්‍ර ඇගයීම සිදු කරමින් බස්නාහිර පළාතේ දක්ෂ ගුරුවරුන් මේ සඳහා සම්බන්ධ කරගෙන සිටින බවත්ය

No comments

Ads Place