Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගුවන් තොටුපල ඉක්මනින්ම විවෘත කර සංචාරකයන් ගෙන්වන්න සූදානම්.. කමිටුවක් පත් කරයි..

  සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපල විවෘත කර සංචාරක කර්මාන්තය  කඩිනමින් යලි ආරම්භ කිරීම සදහා සංචාරක හා සෞඛ්‍ය බලධාරීන්ගෙන් සමන්විත එකාබද්ධ ...

 


සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපල විවෘත කර සංචාරක කර්මාන්තය  කඩිනමින් යලි ආරම්භ කිරීම සදහා සංචාරක හා සෞඛ්‍ය බලධාරීන්ගෙන් සමන්විත එකාබද්ධ කමිටුවක් පත් කෙරේ. එම කමිටුවේ නිර්දේශ ලද වහාම ඒ සදහා ඉදිරි පියවර ගැනීමට සෞඛ්‍ය හා සංචාරක බලධාරී හු අද (03) තීරණය කළහ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ප්‍රාථමික සෞඛ්‍ය වසංගත රෝග වැලැක්වීමේ හා කොවිඩ් මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශීනි ප්‍රනාන්දු පුල්ලේ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්විනි. ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම සංචාරක සංවර්ධන අධිකාරිය හෝටල් කේෂත්‍රයේ ප්‍රවීනයන් සංචාරක අමාත්‍යාංශය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුලු වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානීන් ඇතුලු කණ්ඩායමක් සෞඛ්‍ය අංශ නියෝජනය කළහ.

සංකච්ඡාව අරඹමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි අවධාරණය කලේ ඉතා ඉක්මනින් ගුවන්තොටුපල විවෘත කර රට සංචාරකයන්ට විවෘත කිරීමට අපෙක්ෂා කරන බවයි. ඒ සදහා සෞඛ්‍ය අංශ වල සහය අවශ්‍ය බවද ඔහු කියා සිටියේය. දැනටමත් මේ සදහා මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර ඇති බව පැවසූ ඇමතිවරයා වර්තමාන තත්වයට අනුව එය යාවත් කාලීන කර ක්‍රියාත්මක කිරීම සදහා නිර්දේශ ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.

සෞඛ්‍ය ඇමතිතුමිය කිවේ කොවිඩ් 19 පැතිර යාම වැලැක්වීම රජයේ ප්‍රමුඛ කාර්ය බවයි. ඒ නිසා මෙය ඉතා පරිස්සමින් සිදු කළ යුතු බවද ඇය පෙන්වා දුන්නාය. කටුනායක සහ මත්තල ගුවන්තොටුපල විවෘත කිරීම සහ සංචාරකයන් මෙරටට ගෙන්වාගැනීමේ ක්‍රමවේදය පිළිබදව මෙහිදි දිර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනිනි. දෙපාර්ශවයේ ඒකාබද්ධ ඉහල පෙලේ කමිටුවක් පත්කොට කඩිනමින් ඒ සදහා පියවර ගැනීමට තීරණය කෙරුනේ ඒ අනුවයි.

ඒකාබද්ධ කමිටුව ඉදිරි සතිය තුල රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් නිර්දේශ සංචාරක හා සෞඛ්‍ය අමාත්‍යවරුන්ට ලබා දීමටත් ඒ අනුව රට සංචාරකයන්ට විවෘත කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත් මෙහිදි තීරණය කෙරිනි.

No comments

Ads Place