Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොළොන්නරුවේ කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයකින් පැන ගිය රැඳවියන් අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

  පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද අලූයම එම ප‍්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය බන්ධනාගාර රැඳවි...

 


පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද අලූයම එම ප‍්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය බන්ධනාගාර රැඳවියන් 05 දෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සහ යුද හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.


පලා ගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජනතාවගේ ද සහය ඉල්ලා සිටිනවා. ඒ අනුව පලාගිය රැඳවියන් 05 දෙනාගේ තොරතුරු මාධ්‍ය මගින් මීට නොබෝ වේලාවකට පෙර ප‍්‍රසිද්ධියට පත් කෙරුණා. පලා ගිය එක් රැඳවියෙකු 31 හැවිරිදි වියේ පසුවන දඹගල්ලගේ බුද්ධික විමලරත්න නැමැත්තෙක්. 27 හැවිරිදි මද්දුමරාළලාගේ කවිඳු මධුෂාන් නැමැත්තා ද පලාගිය පිරිස අතර වනවා. ඔහු වෙන්නප්පුව සුදුවැල්ල පාර නැගෙනහිර වාඩිය අංක 191 එම් දරණ ලිපිනයේ පදිංචිව සිටි අයෙක්. 26 හැවිරිදි විජේසූරියආරච්චිලාගේ හරිත කැළුම් අප්පුහාමි නැමැත්තා ද පලාගිය පිරිස අතර වනවා. ඔහු මාරවිල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.


වයික්කාල, අංගම්පිටිය, අඹගහකොළණිය ප‍්‍රදේශයේ පදිංකරුවෙකු වන 52 හැවිරිදි ඉමියා මුදියන්සේලාගේ නිමල් වසන්ත නොහොත් ගැටයා නැමැත්තා සහ බොරලැස්ස, ජයාමාවත පාර ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පී කේ සුමිත් පුෂ්පකුමාර නැමැත්තාද පලාගිය පිරිස අතර වන බව පොලිසිය සඳහන් කළා.


මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවා.

No comments

Ads Place