Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩෙංගු පරීක්ෂාවට ආපු දැරියට බල්ලෝ සපා කෑ විට ගහන ඉන්ජෙක්ෂන් එක ගහලා – හෙදිය හඬා වැළපෙමින් කියපු දේ

ඩෙංගු රෝග පරීක්‍ෂාවක් සඳහා පානදුර මූලික රෝහලට ඊයේ (29 ) පැමිණි දැරියකට වැරදීමකින් බල්ලන්, පූසන් සපාකෑවිට ලබා දෙන බෙහෙතක් එන්නත් කර ඇති බව රෝ...


ඩෙංගු රෝග පරීක්‍ෂාවක් සඳහා පානදුර මූලික රෝහලට ඊයේ (29 ) පැමිණි දැරියකට වැරදීමකින් බල්ලන්, පූසන් සපාකෑවිට ලබා දෙන බෙහෙතක් එන්නත් කර ඇති බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.

 

 ඩෙංගු රෝගය සම්බන්ධ පූර්ණ රුධිර පරීක්‍ෂාවක් සිදුකර ගැනීම සඳහා දැරිය රැගෙන ඇයගේ මව සහ ආච්චි ඊයේ (29)උදෑසන 6ට පමණ රෝහලට පැමිණ ඇති අතර ඊයේ පෙරවරුවේ රෝහල් බාහිර ප‍්‍රතිකාර අංශයේ සුනඛයින් සහ පූසන් සපාකෑමට අදාළ එන්නත් කිරීමක් සිදුකර ඇති අතර එහි රැඳී සිටි අවුරුදු 5ක් වයසැති දැරියට ද එම එන්නත ලබාදී ඇතැයි වාර්තා වෙයි.

 

 

 මේ බැව් දැනගත් දැරියගේ මව එන්නත ලබාදුන් හෙදියගෙන් විමසා ඇති අතර හෙදිය පවුලේ ගැටලූවක් පිළිබඳ කල්පනා කරමින් සිට ඇති බැවින් අත්වැරදීමක් සිදුව ඇති බව පවසා ඇය මවට බැගෑපත්ව ඇතැයි පැවසෙයි.

 

 එන්නත ලබාදීමත් සමගින් දැරියට නින්ද ගොස් ඇති අතර බියට පත් මව නිවසට දැනුම්දීමෙන් පසුව දැරියගේ සීයා සහ නෑ හිතවතුන් පිරිසක් රෝහලට පැමිණ තිබේ. පසුව දැරිය රෝහලේ අංක 5 දරන ළමා වාට්ටුටවට රැගෙන ගොස් වෛද්‍යවරියක හමුවට පමුණුවා තිබේ.

 

 රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකු එක්වී පවුලේ අයට බැගෑපත්වී දැරියව රැුගෙන නිවසට යන ලෙස උපදෙස් දී ඇති බවත් කිසිවක් කරකියාගත නොහැකිව ඇති අසරණ පවුලේ උදවිය ති‍්‍රරෝද රථයක නැගි පිටව ගිය බවත් රෝහල් ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

 

 මේ පිළිබඳ අදහස් දැක්වූ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් තවමත් පරීක්‍ෂණ මට්ටමේ පවතින බැවින් අද (30) දිනයේ නිවැරැදි පිළිතුරක් ලබාදිය හැකි බවයි. එන්නත ලබාදී ඇති පානදුර කිරිබේරිය ප‍්‍රදේශයේ පදිංචි දැරිය ඊයේ දහවල් වනවිටත් අඩ නින්දක පසු වූ බව ප‍්‍රදේශවාසියෙක් පැවසීය.

noizetv

No comments

Ads Place