Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රක්‍ෂණ සංස්ථාව පුද්ගලීකරණයට..?

  රක්ෂණයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මේ වන විට ලාභ ලබන ආයතන අතලොස්සෙන් ඉහලම සිටින ආයතනයකි. කොරෝනා වසංගතය රට වෙලාගෙන සිටින මොහොතක ...

 


රක්ෂණයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මේ වන විට ලාභ ලබන ආයතන අතලොස්සෙන් ඉහලම සිටින ආයතනයකි. කොරෝනා වසංගතය රට වෙලාගෙන සිටින මොහොතක මෙහි පාලන අධිකාරිය හොර රහසේ රක්ෂණ සංස්ථාව දෙකඩ කර සුළු පිරිසක් සතුටු කිරිමේ කාර්යක නිරතවෙමින් සිටින බවත්, මෙහි යටි අරමුණ රක්ෂණ සංස්ථාව පෞද්ගලිකරණය කිරිමේ වැඩ පිළිවෙලකට යාමදැයයි සැකයක් පවතින බව රක්ෂණ සේවක එකමුතුවේ විධායක කමිටු සාමාජික දිවාකර මහතා 14 දින ප්‍රකාශ කරන ලදි.

වැඩි දුරටත් අදහස් දක්වමින් “ රටේ ලාභ ලබන ආයතනයක් වන රක්ෂණ සංස්ථාව පෞද්ගලික අංශයට විකුණන්න මිට කලින් පැවති රජයන්ද පිඹුරුපත් සැකසුවා. හැබැයි අපි එදත් සංස්ථාවේ සියලුම සේවකයින් එකට එක්ව එයට විරුද්ධව පෙළ ගැස්සුවා. ඒකෙන් ඒ කරන්න හදපු විනාශය පසු ගිය රජය හකුලා ගත්තා “ යැයි පැවසිය. රක්ෂණ සංස්ථාව එක රජයක් විකුන්නා. අපේ සේවකයෝ සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අධිනිතිඥ ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා, ගරු වාසුදේව නානායක්කාර ඇමතිතුමා, අධිනිතිඥ ගරු සුමන්තිරම් මන්ත්‍රීතුමන්ලා එක්ව නඩුදාලා නැවත රජයට ගත්තේ මේ ආයතනය.

නමුත් මෙවර ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකට මෙම ආයතනය විනාශ කිරිමේ වැඩ පිළිවෙළ සකසා ඇත. එනම් 1960 අංක 02 දරණ පනතින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ස්ථාපිත කළදා පටන් මේ දක්වා සාමන්‍ය රක්ෂණ සහ ජිවිත රක්ෂණ යන අංශ දෙකට එකට පැවැතියද,  කාටත් හොර රහසේ පාලන අධිකාරිය මෙය අංශ දෙකක් ලෙස වෙනම ආයතන ස්ථාපිත කිරිමට දැන් කටයුතු කරමින් පවති. අපි මෙයට විරුද්ධයි. ඒකට හේතුව තමයි මෙය විශාල මුදල් නාස්තියක් බැවිනි. මේ තුලින් වෙනම අධ්‍යක්ෂ මණ්ඩල, වෙනම ප්‍රධාන විධායක නිළධාරියා සිට ඉහල කළමණාකාරිත්වය විශාල ලෙස අලුතින් තනතුරු ස්ථාපිත කරමින් වැඩි වැටුප් ලබාදි රක්ෂණ සංස්ථාව බංකොලොත් කිරිමට කටයුතු කිරිමය.

ඇයි මේ  හදිසියේ මෙවැනි දේ කරන්න හදන්නේ ? සේවකයින්ට කාර්යාලයට එන්න බැරි මොහොතක හොර රහසේ මෙවැනි දේ කිරිමට හදන්නේ සේවකයින්ගේ නැගිටිම යටපත් කරමින්, මේ සදහා සේවකයින් විරුද්ධ නැති නිසා සේවක විරෝධතා නැතැයි කියා දේශපාලන අධිකාරියට ඒත්තු ගැනිවිමටද ?

මෙවැනි ආකාරයට ආයතනයේ මුල්‍ය ශක්තිය විනාශ කිරිම තුලින් වාර්ෂිකව බදු මුදල් හැර මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන රුපියල් බිලියන 3 කට වැඩි මුදල් ගෙවිමට හැකියාව ලැබේ දැයි අපි රජයෙන් විමසනවා. 2009   වසරේදී ද මෙලෙස රක්ෂණ සංස්ථාව බෙදිමට යාමේදි එවකට මුදල් අමාත්‍යංශ ලේකම් පි.බි. ජයසුන්දර මහතා අප වෙත ලිඛිතව ලබාදුන් ලිපියේ දන්වා ඇත්තේ “ කිසිදා රක්ෂණ සංස්ථාව විකිණිමට හෝ මෙලෙස බෙදා නොදමන බවය යැයි විධායක කමිටු සාමාජික දිවාකර මහතා පැවසිය.

මෙලෙස ආයතන දෙකක් ලෙස පැවතිම තුල සාමාන්‍ය රක්ෂණ අංශය ලාභය අවමයැයි පවසා පෞද්ගලික අංශයට ලබාදිමේ වැඩ පිළිවෙලකට මග විවෘත කරනවා දැයි අප හට සැකයක් පවති. රක්ෂණ සංස්ථාවෙන් ඉවත් කළ සුරක්ෂා රක්ෂණය පෞද්ගලික ආයතනයකට ලබාදි සිදු කළ විපාකය අප දැක්කා. අවසානයේ එය නිසි කළමණාකාරිත්වයක්   හා වගකිමක්  එම  ආයතන  නොදැරිම  නිසා  පාසැල්  දරුවන්ට  ගෙවිමට  තිබු වන්දි මුදල්  ගෙවිමද පැහැර හැර නැවත  අප රක්ෂණ සංස්ථාවටම එම  වගකිම් දැරිමට සිදුවිය.  එලෙස අපට කිරිමට  ශක්තිය වුයේ මෙය රජය සතු ආයතනයක් වු බැවිනි. නමුත් මෙලෙස රක්ෂණ සංස්ථාව දෙකඩ කිරිමේ යටි අරමුණ පෞද්ගලිකරණයට අත වැනිමක් නම් මෙහි සේවයකයින්ටට මෙන්ම රටේ ජනතාවගේ අභාග්‍යකි.

රක්ෂණ සංස්ථාවේ මුළු සේවක ගණන 2500  කට ආසන්නය. මෙහි අලෙවි නියෝජිතවරු 10,000 ක් පමණ සිටියි. සුලුතරයකගේ ඕනෑම කමට මෙම සේවක රැකියා අනතුරට පත්කරමින් කොමිස් මුදල්වලින් තම සාක්කු පුරවන්නට පාලන අධිකාරිය හීන මැවිම සියලු සේවකයින් වෙනුවෙන් අප රක්ෂණ සේවක එකමුත්ව ඉතා පිළිකුලින් යුක්තව හෙළා දකින බවත්,  අප දිවිහිමියෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආරක්ෂා කිරිමට බැදි සිටින බව වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.  ඉදිරියේදි අතිගරු ජනාධිපතිතුමන් හා අගමැතිතුමන්, විෂයභාර ඇමතිවරයා සහ විපක්ෂ නායකතුමන් වෙත කරුණු දැක්විමට බලාපොරොත්තු වන බව පවසා සිටියහ. මෙම  අවස්ථාවට  විධායක කමිටු සාමාජික කාවින්ද චතුරංග  මහතාද සහභාගි විය.

No comments

Ads Place