Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවදානම්කාරී ලෙස සංචාරකයින් ගෙන්වා රට අනතුරේ දමනවා – ලක්‍ෂමන් කිරිඇල්ල

  සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරමින් යුක්රේනයෙන් මෙරටට පැමිණි පිරිස අතරින් තිදෙනකු කොරෝනා රෝගීන් බවට වාර්තා වීම පිළිබඳව අදහස් දක්වමින් විපක්...

 


සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරමින් යුක්රේනයෙන් මෙරටට පැමිණි පිරිස අතරින් තිදෙනකු කොරෝනා රෝගීන් බවට වාර්තා වීම පිළිබඳව අදහස් දක්වමින් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසන්නේ කවුරුත් දන්නා විදිහට යුක්රේනයේ දවසකට 200 ක් පමණ කොවිඞ් නිසා මිය යන බවත් ලංකාවේ කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වීමටත් හේතු වූයේ යුක්රේන ජාතිකයන් බවත් ආණ්ඩුව මේවා දැනගෙනත් ලෝකයට පෙනෙන්න සංචාරකයින් මෙරටට ගෙන්වා රට අනතුරේ දමමින් සිටින බවත්ය.

ලෝකයට පේන්න ලෝකයට ෂෝ එකක් දාන්න හිතාගෙන ආණ්ඩුව කරන මේ වගේ වැඩවලින් විපතට පත් වෙන්නේ රටේ අහිංසක ජනතාව බව මතක තබා ගත යුතුයි. මොකක්ද මේ හදිසිය කොරෝනාවලට බෙහෙතක් හැදුවට පසුව මේ පියවරට ගියා නම් ප‍්‍රශ්නයක් නැහැ. මෙහෙම ගියොත් වෙන්නේ කොවිඞ් නව ප‍්‍රභේදයත් දන්නෙම නැතිව ලංකාවට ඇතුළු වීමයි. නිරපරාදේ රට අනතුරේ දාන්න එපා කියා විපක්‍ෂයේ අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා යැයිද කිරිඇල්ල මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

No comments

Ads Place