Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආර්ථිකයේ සෑම කේෂ්ත්‍රයකම සමබර වර්ධනයක් ඇති කිරීම තම අරමුණ බව ජනපති කියයි

  ආර්ථිකයේ සෑම කේෂ්ත්‍රයකම සමබර වර්ධනයක් ඇති කිරීම සිය අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ සඳහා ඉවහල් වන කි‍්‍රයාමාර්ග ඉදිරිපත් ...

 


ආර්ථිකයේ සෑම කේෂ්ත්‍රයකම සමබර වර්ධනයක් ඇති කිරීම සිය අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ සඳහා ඉවහල් වන කි‍්‍රයාමාර්ග ඉදිරිපත් කරන ලෙස හා ඊට ඇති බාධක හඳුනාගන්නා ලෙස පෞද්ගලික අංශයට යෝජනා කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම අදහස් පළ කළේ පෞද්ගලික ව්‍යවසායකයන් සමග ජනාධිපති කාර්යාලයේදී අද පැවැති සාකච්ඡුාවකදීයි. 


සියලූ දේ ආනයනය කර අලෙවි කිරීම පහසුයි. එලෙස සිදුකළහොත්, ශක්තිමත් ආර්ථීකයක් ගොඩනැගීමට හැකිවක් නැහැ. ආර්ථික වර්ධනය සිදු විය යුත්තේ, සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂා වන ලෙස බැවින් ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සහ නව ප‍්‍රවේශයන් ඉතා වැදගත් බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ.


ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටළු අධ්‍යයනය කර, විසඳුම් සපයන බව ද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළා. 

No comments

Ads Place