Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෙමටගොඩ ප‍්‍රදේශයකුත් හුදෙකලා කෙරේ

  දෙමටගොඩ, වේළුවනාරාමය ප‍්‍රදේශය ඊයේ රාතී‍්‍රයේ සිට හුදෙකලා කර තිබෙනවා. යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ එම ප‍්‍රදේශයෙන...

 


දෙමටගොඩ, වේළුවනාරාමය ප‍්‍රදේශය ඊයේ රාතී‍්‍රයේ සිට හුදෙකලා කර තිබෙනවා. යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ එම ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් කිිහිප දෙනෙකු වාර්තා වීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු එම ප‍්‍රදේශය හුදෙකලා කර ඇති බවයි. කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ රටටම ඇඳීරි නීතිය පැනවීමට මේ වන විට සූදානමක් නැතැයි යුද හමුදාපතිවරයා පැවසුවේ.


මේ අතර කොරෝනා දෙවන රැල්ල මේ වන විට පාලනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මේ ඒ පිළිබඳ කරුණු දැක්වූ වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය සුදත් සමරවීර.


මේ අතර, ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 598 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් 05 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිනි පුද්ගලයින් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 40,380ක්. ඒ අතරින් සුවය ලැබූ පුද්ගලයින් ගණන 32,051 ක් වනවා. පුද්ගලයින් ගණන 8,142 ක් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.


මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 187 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ වාර්තා වූ තවත් කොරෝනා මරණයක් සමගින්. එලෙස මියගොස් ඇත්තේ කොළඹ 15, මෝදර ප‍්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත් වූ 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. මරණයට හේතුව කොවිඞ් නිව්මෝනියාව බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ.

No comments

Ads Place