Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘බුරවි’ මග එද්දී උතුරට මහ සුළං මැද නොනවතින වර්ෂාව.. ධීවරයෙකු අතුරුදන්..

  නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බූරවී සුලිකුණාටු තත්වය උතුරු මුහුදටද බලපා ඇති හෙයින් ධීවරකටයුතු වලින් වලකින ලෙසට උතුරේ ධීවරයින...

 


නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බූරවී සුලිකුණාටු තත්වය උතුරු මුහුදටද බලපා ඇති හෙයින් ධීවරකටයුතු වලින් වලකින ලෙසට උතුරේ ධීවරයින්ටද කාලගුන විද්‍යා දෙපාරතමේන්තුව විසින් දැනුම් දී ඇත.

මේ අතර ඊයේ (01) රාත්‍රියේ ධීවර කටයුතු සඳහා යාපනය පොන්නාලෙයි මුහුදු තීරයෙන් මසුන් ඇල්ලීමට ගිය ධීවරයෙකු මේ වනතුරුත් ආපසු නොපැමිණීම හේතුවෙන් අතුරුදහන් වූ ධීවරයා සොයා ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් අදාල මුහුදු තීරයට ගොස් සෝදිසියක නිරත වී සිටිති.

පොන්නාලෙයි සුලිපුරම් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සෙල්වකුමාර් සෙල්වරාසා නැමත්තා ඊයේ රාත්‍රියේ 08 ට පමණ මුහුදු ගමන් ගොස් ඇති අතර මේ වන තුරුත් නොපැමිණීම හේතුවෙන් ඔහු මුහුදේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කිසියම් අනතුරකට ලක්ව ඇතයි ප්‍රදේශවාසීන් සැක පල කර සිටිති.

මේ අතර බූරවී සුලි කුනාටු තත්වය හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට අද (02) දිනයේද උතුරු පලාතට වර්ෂාව නොනවත්වා ඇදහැලෙන අතරම පැයට කිලෝමීටර් 75 ත් 85 ත් අතර සුලං තත්වයක්ද වාර්ථා වන බවටද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව කියා සිටියි.

මේ හේතුව නිසාවෙන් උතුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටින ධීවරයින්ට වහාම ධීවර කටයුතු වලින් ඉවත්වන ලෙසටත් මුහුදු ගමන් යාමෙන් වලකින් ලෙසටද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව වැඩිදුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place