Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නව කොරෝනා ප‍්‍රභේදයත් සමග බි‍්‍රතාන්‍යට සංචරණ සීමා

  එළඹෙන 26 වනදා සිට එංගලන්තයේ ප‍්‍රදේශ රැසක සංචරණ සීමා තර කිරීමට බි‍්‍රතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. ඒ, නව්‍ය කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේද 02 ක...

 


එළඹෙන 26 වනදා සිට එංගලන්තයේ ප‍්‍රදේශ රැසක සංචරණ සීමා තර කිරීමට බි‍්‍රතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. ඒ, නව්‍ය කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේද 02 ක් මේවනවිටත් එංගලන්තය තුළ පැතිර යමින් ඇති පසුබිමක් තුළයි.


ඒ අනුව එංගලන්ත වැසියන් මිලියන 16 ක් පමණ මේවනවිටත් දැඩි සංචරණ සීමාවන්ට යටත්ව සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ. පවතින තත්ත්වය හමුවේ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිගයකට ද මුහුණ පෑමට එංගලන්ත වැසියන්ට සිදුවනු ඇතැයි අපේක්ෂිතයි. එංගලන්තයේ සුපිරි වෙළඳසැල්වල මේවනවිටත් භාණ්ඩ හිගයක් දැකගත හැකි අතර පාරිභෝගිකයින් සඳහා ඇතැම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කෙරෙන්නේ සීමිත ප‍්‍රමාණයකට යටත්ව බව ද සඳහන්.


කොරෝනා වෛරසයේ තවත් නව ප‍්‍රභේදයන් 02 ක් මේවනවිට එංගලන්තයෙන් හඳුනා ගෙන තිබෙනවා. ඉන් එක් ප‍්‍රභේදයක් මීට දින කිහිපයකට පෙර එංගලන්තයෙන් හඳුනා ගැනුණු අතර ඊයේ හඳුනා ගැනුණු අනෙක් ප‍්‍රභේදය දකුණු අපි‍්‍රකාවෙන් හඳුනා ගැනුණු කොරෝනා ප‍්‍රභේදය සමග සම්බන්ධ බවටයි මේවනවිට සැක මතුව ඇත්තේ.

No comments

Ads Place