Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොලිසිය සමග ගැටුමකින් අත්අඩංගුවේ සිටි අපරාධකරුවෙක් මිය යයි..

  අද අළුයම පොලිසිය විසින් සිදුකරන ලද විශේෂ මෙහෙමකදී පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ. මෙම පුද්ගලයා වේයන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ මංකොල්ලකෑම් කිහිපයකට...

 


අද අළුයම පොලිසිය විසින් සිදුකරන ලද විශේෂ මෙහෙමකදී පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ.

මෙම පුද්ගලයා වේයන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ මංකොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මෙම සැකකරු පොලිසිය විසින් පසුගිය 19 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණේ පුද්ගලයෙකුගේ ගේ අත්පා වෙන් වන ආකාරයට කපා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ චෝදනා මතයි.

මෙම පුද්ගලයා සමග අද අළුයම පොලිසිය කිසියම් මෙහෙයුමක් සඳහා වේයන්ගොඩ ප්‍රදේශයට ගොස් තිබේ.

එහිදී ඇති වූ සිදුවීමක දී සැකකරු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

සැකකරුගේ ක්‍රියාවක් හේතුවෙන් පොලිසිය නිලධාරියෙක් තුවාල ලබා ඇත.

lankacnews

No comments

Ads Place