Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැලිකඩ බන්ධනාගාරයේ සිටි වාස් ගුණවර්ධනට කොවිඩ් ආසාදනය වෙයි

  හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. මරණ දඬුවම නියම වීමෙන් පසු ඔහු රඳවා සිටියේ වැලිකඩ බ...

 


හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. මරණ දඬුවම නියම වීමෙන් පසු ඔහු රඳවා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේයි. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගැනීමත් සමඟ ඔහු ප‍්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 


හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන රඳවා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ රජත අංශයේ H වාට්ටුවේයි. එහි සිටි සිරකරුවන් සංඛ්‍යාව 101 ක්. ඉන් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ද ඒ අතරට අයත්. 


හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිදු වාස් ගුණවර්ධන ඇතුලූ 6 දෙනෙකුට මීට පෙර මරණ දඬුවම නියම වී තිබුණේ 2013 වසරේදී කෝටිපති ව්‍යාපාරිකයකු වු මොහොමඞ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන්. 


බන්ධනාගාර ගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට ද කොවිඞ් 19 වෛසරය ආසාදනය වුණා. පසුව ඔහු ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ අයි ඞී එච් රෝහලටයි. 


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානි අබේසේකර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කල බවට එල්ල වූ චෝදනා මතයි.

No comments

Ads Place