Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා ආසාදිතයින්ට පුද්ගලික රෝහල්වලින් ප‍්‍රතිකාර ලබාදෙන්නැයි ඉල්ලීමක්

  කොරෝනා ආසාදිතයින්ට පුද්ගලික රෝහල්වලින් ප‍්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව ලබාදෙන්නැයි විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, කොවිඞ් ...

 


කොරෝනා ආසාදිතයින්ට පුද්ගලික රෝහල්වලින් ප‍්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව ලබාදෙන්නැයි විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ එම විශේෂඥ  වෛද්‍යවරුන් පිරිස අතර පැවති හමුවකදීයි. 

එම අවස්ථාවට විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර, මහාචාර්ය අර්ජුන ද සිල්වා, මහාචාර්ය හේමන්ත දොඩම්පහළ, මහාචාර්ය ප‍්‍රසාද් කටුලන්ද සහ විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ එක්ව තිබෙනවා. 


කොරෝනා ආසාදිතයින් කැමැත්තක් දක්වන්නේ නම්, ඔවුන්ට පුද්ගලික රෝහල්වලින් ප‍්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවයි එම විශේෂඥ  වෛද්‍යවරුන් පිරිස යුද්ධ හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට පෙන්වා දී ඇත්තේ. 

ඒ අනුුව කොවිඞ් මර්දන කාර්ය සාධන බළකාය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අනෙකුත් බලධාරීන් සමග සාකච්ජා කර ඒ පිළිබද තීරණයක් ගන්නා බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.


මේ අතර මේවනවිට මෙරට තුළ කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන 62 ක් කි‍්‍රයාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත හේරත් පැවසුවේ එම රෝගීන් වෙනුවෙන් දැඩිසත්කාර ඒකක 15 ක්ද කි‍්‍රයාත්මක බවයි. 

මේ අතර කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගත කර ප‍්‍රතිකාර ලැබූ දහසකට අධික පොලිස් නිලධාරීන් පිරිසක් මේවනවිට සුවය ලබා පිටව ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

No comments

Ads Place