Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නව වසරට නැවුම් රසයක්

  යම්කිසි සමූහයක් එක් වූ තැනක විවිධ වූ දේ කතාබහ කරති. ක්‍රියාවට නංවති. එහෙත් ඒ එකම දෙයක් නොවන්නට පුළුවන. මුහුණු පොතේ ඇති බොහෝ සමූහ පිළිබඳ සම...

 


යම්කිසි සමූහයක් එක් වූ තැනක විවිධ වූ දේ කතාබහ කරති. ක්‍රියාවට නංවති. එහෙත් ඒ එකම දෙයක් නොවන්නට පුළුවන. මුහුණු පොතේ ඇති බොහෝ සමූහ පිළිබඳ සමාජයේ ඇත්තේ එතරම් හොඳ අදහසක් නොවේ. එහෙත් ඒ අතරින් වෙනස් ම ආකාරයේ සමූහයක් වූ කනවනම් කමු සමූහයේ එක්ව සිටින ළෙංගතු මිතුරු මිතුරියෝ දේශීය ආහාර වර්ග මෙන්ම තමා විසින් අත්හදා බලන්නා වූ විවිධ කෑම වර්ග පිළිබඳ තොරතුරු ද නොමසුරුව බෙදා හදා ගනිති.

එම රසවත්, වෙනස් ආහාර වට්ටෝරු තරුණී පාඨක ඔබ වෙනුවෙන් ද අපි ගෙන එන්නේ ඒ දැනුම ඔබට ද ලබා දිය යුතු නිසයි.

වෙනස් රසයකට කොච්චි කොළ බතක්

කොච්චි රසය අනෙකුත් මිරිස් රසයන්ට වඩා වෙනස් ම වූ රසයක්. නව වසරේ අලුත් කෑම වට්ටෝරු සොයන ඔබට මේ කොච්චි බත හොඳින් ම ගැළපේවි.

ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:

බාස්මතී හෝ සූදුරු සම්බා

හාල් කිලෝ 3-4 කට

කොච්චි කොළ 15-20 ක් පමණ

කුඩා කොච්චි කරල් 5-10 ක්

බිත්තර 3 ක්

සුදු ලූනු බික් 5-6 ක්

තරමක ඉඟුරු කැබැල්ලක්

බටර් හෝ ගිතෙල්

රස අනුව ලුණු

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

ලූනු කොළ මිටක්

දැන් අපි කොච්චි කොළ බත සාදා ගනිමු:

පළමුවෙන් ම හාල් සෝදා බත සාදා ගන්න. ඉන් පසුව මඳක් විශාල බඳුනක් ළිප තබා එයට බටර් හෝ ගී ස්වල්පයක් දමා රත්වෙන්නට තබන්න. ඉන්පසු එයට අඹරාගත් සුදු ලූනු හා ඉඟුරු දමා මඳක් බැදීගෙන එන විට සිහින්ව ලියා ගත් කොච්චි කොළ දමා කලවම් කරගන්න. පසුව එයට බිත්තර දමා එයටම ලුණු, ගම්මිරිස් කුඩු ස්වල්පය බැගින් එකතුකර හොඳින් බැදෙන්නට හරින්න.

දැන් එයට කලින් සකසා ගත් බත් එක එකතුකර හොඳින් කලවම් කරන්න. අවසානයට ලූනු කොළ සිහින් ව ලියා එය බතට එකතුකර ළිප නිවා ගන්න.

(ගන්නා හාල් ප්‍රමාණය අනූව අනෙක් ද්‍රව්‍ය ගළපාගන්න)

No comments

Ads Place