Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එල් පි එල් තීරණාත්මක තරග දෙකක් අද

  ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරග 02 ක් හම්බන්තොට, සූරියවැව, මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේදී අද පැවැත්වෙනවා.  එක් තරගයක්...

 


ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරග 02 ක් හම්බන්තොට, සූරියවැව, මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේදී අද පැවැත්වෙනවා. 


එක් තරගයක් අද පස්වරු 03:30 ට ආරම්භ වන්නේ තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් සහ කුසල් ජනිත් නායකත්වය දරන, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතරයි. අවසන් පූර්ව වටය පිළිබද බලාපොරොත්තු රඳවා ගැනීමට නම් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට අද තරගයේ ජය තීරණාත්මක වී තිබෙනවා. 


දෙවන තරගය අද රාත්‍රී 8ට ආරම්භ වන්නේ භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් සහ දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම් අතරයි. අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ද අද තරගයේ ජය තීරණාත්මක වී තිබෙනවා. 


ජැෆ්නා ස්ටැලියන්ස්, කලම්බෝ කිංග්ස් සහ දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම් 03 මේවනවිට ලංකා ප්‍රිමියර් ලීග් කි‍‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා අවසන්. 


ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන සිව්වන කණ්ඩායම තීරණය වන්නේ භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් සහ කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් යන කණ්ඩායම්වල ඉදිරි තරගවල ප‍‍්‍රතිඵල මතයි.


ලංකා පි‍‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ප‍‍්‍රසාද ලකුණු සටහනේ එක් ජයග‍‍්‍රහණයක් සමගින් ලකුණු 02 බැගින් ලබා, කැන්ඩි ටස්කර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් පිළිවෙළින් 04 වන සහ 05 වන ස්ථානවල පසුවනවා.

No comments

Ads Place