Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පිළියන්දල සුපිරි වෙළෙද සංකීර්ණයක සේවකයෙකුට කොරෝනා : ආසාදිතයා එළවලු ඇසුරුම් අංශයේ සේවය කරමින් ඉදලා

  පිළියන්දල, ඇරැව්වල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙද සැලක සේවකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අද දිනයේදී එහි සේවය කළ සේව...

 


පිළියන්දල, ඇරැව්වල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙද සැලක සේවකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අද දිනයේදී එහි සේවය කළ සේවක සේවිකාවන් 16 දෙනෙකු PCR පරික්ෂණයන් සඳහා යොමු කළ බවත් ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා හෙට හෝ අනිද්දා දිනයේදී ලැබීමට නියමිත බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවසනවා.


ඇරැව්වල ප්‍රදේශයේ පිහිටි මෙම සුපිරි වෙළෙද සැලේ එළවලු සහ පලතුරු අංශයේ සේවය කරමින් සිටි සේවකයෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ පසුගිය දෙසැම්බර් 24 වෙනිදාය. උත්සව සමය හේතුවෙන් මෙම වෙළෙද සැල නිරන්තරයෙන්ම පාරිභෝගිකයින් ගැවසී සිට ඇති බවයි වාර්තා වන්නේ.


මේ වන විට එම සුපිරි වෙළෙද සැල සම්පුර්ණයෙන්ම වසා දමා ඇති බව ද ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටියා.


එමෙන්ම කොරෝනා ආසාදිත සුපිරි වෙළෙද සැල් සේවකයාට වෛරසය ආසාදනය වී ඇති ආකාරය සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ෂණ සිදුකරන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටින්නේ.


මෙම සුපිරි වෙළෙද සැල් ජාලය සතුව තවත් වෙළෙද සැල් කිහිපයක්ම එම ප්‍රදේශය පිහිටා තිබෙන අතර සේවකයින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදීමක් සිදු නොකරා නම් සැපයුම් ජාලය හරහා වෛරසයේ ව්‍යාප්තිය අනෙක් වෙළෙද සැල් වල සේවකයින්ට ව්‍යාප්ත වීමේ අවධානමක් ඇත. 

No comments

Ads Place