Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහනුවර අවදානමත් අවම මට්ටමට

 මහනුවර නගරයේ කොරෝනා අවදානම මේවනවිට අවම මට්ටමක පවතින බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය පවසනවා. ඔහු කියා සිටියේ පාසැල් ...


 මහනුවර නගරයේ කොරෝනා අවදානම මේවනවිට අවම මට්ටමක පවතින බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය පවසනවා. ඔහු කියා සිටියේ පාසැල් 03 ක් හැර සෙසු පාසැල් ද විවෘත කිරීමට හැකි මට්ටමේ ආරක්ෂිත තත්ත්වයක් නගරය තුළ පවතින බවයි. 


පාසැල් විවෘත කිරීමෙන් පසු මව්පියන්ට වෙනදාටත් වඩා වැඩි වගකීමක් පැවරෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු තරම් අවදානමක් මහනුවර නගරය තුළ මේවනවිට නොමැති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.


මේ අතර ඉකුත් පෙබරවාරි මස 18 වනදා සිට මේ දක්වා කාලය තුලදී මෙරට සිදුකර ඇති වැඩිම දෛනික ඡුක්‍ඍ පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ ඊයේ දිනයේදී පමණක් මෙරට තුළ PCR පරීක්ෂණ 17,425 ක් සිදුකර ඇති බවයි. ඒ අනුව මේවනවිට මෙරට තුළ සිදුකර ඇති සමස්ථ PCR පරීක්ෂණ සංඛ්‍යාව නව ලක්ෂ 88,964 ක්. 


මේ අතර ති‍්‍රවිද හමුදාව යටතේ කි‍්‍රයාත්මක නිරෝධායන මධ්‍යස්ථාන 66 කදී පුද්ගලයින් 6, 810 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. මේවනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 31,375 ක්. ආසාදිතයින් 22,831 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් අවසන්. ඒ අනුව කොරෝනා ආසාදිතයින් 8, 398 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.


මේ අතර නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දිවයිනට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් 159 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. 

No comments

Ads Place