Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බි‍්‍රතාන්‍යයේ නව වෛරසය අමෙරිකාවටත් යයි

 එංගලන්තයෙන් මුල් වරට හඳුනාගෙන මේවනවිට ලොව රටවල් රැුසකට ව්‍යාප්තව ඇති කොරෝනා නව වෛරස් ප‍්‍රභේදය අමෙරිකාවටත් ව්‍යාප්ත වී තිබෙනවා. විදෙස් වාර්...


 එංගලන්තයෙන් මුල් වරට හඳුනාගෙන මේවනවිට ලොව රටවල් රැුසකට ව්‍යාප්තව ඇති කොරෝනා නව වෛරස් ප‍්‍රභේදය අමෙරිකාවටත් ව්‍යාප්ත වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ අමෙරිකාවේ කොලරාඩෝ ප‍්‍රාන්තයෙන් පළමුවරට කොරෝනා නව වෛරස් ප‍්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු හමුවී ඇති බවයි. වයස අවුරුදු 20 ක තරුණයෙකුට මෙලෙස එම වෛරස් ප‍්‍රභේදය ආසාදනය වී තිබෙනවා. විශේෂත්වය වන්නේ මෑතකදී ඔහු කිසිඳු රටක සංචාරය කර නොතිබීමයි. 


කෙසේවෙතත්, එම තරුණයාට ආසාදනය වී ඇත්තේ බි‍්‍රතාන්‍යයෙන් හඳුනා ගැනුණු කොරෝනා නව වෛරස් ප‍්‍රභේදය බව කොලරාඩෝ ප‍්‍රාන්ත රසායනාගාරය තහවුරු කර තිබෙනවා. අදාළ තරුණයා මේවනවිට නිරෝධායනයට යොමු කර ඇති අතර ඔහුගේ ආශි‍්‍රතයින් හඳුනා ගැනීම සඳහා අමෙරිකානු සෞඛ්‍ය අංශ දැඩි පරිශ‍්‍රමයක් දරමින් සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ. 


කෙසේවෙතත්, අමෙරිකාවෙන් මෙම කොරෝනා නව ප‍්‍රභේදය හඳුනා ගැණුනේ  ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් සහ මරණ සංඛ්‍යාවක් එරටින් වාර්තා වන පසුබිමක් තුළයි. එබැවින් මෙම නව ප‍්‍රභේදය සමාජය තුළ ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා අමෙරිකානු සෞඛ්‍ය අංශ ඉමහත් පරිශ‍්‍රමයක් දරමින් සිටිනවා. 


දැනට රටතුළ පවතින තත්ත්වය අනුව අමෙරිකානුවන්ට මේවනවිටත් කොරෝනා මර්ධන එන්නත් 02 ක් ලබාදීම ආරම්භ කර තිබීම ද විශේෂත්වයක්.


එංගලන්තය තුළ ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය මේවනවිට රටවල් 23 කින් පමණ හමුවී තිබෙනවා. ඒ අනුව එම වෛරස් ප‍්‍රභේදය මේවනවිටත් අමෙරිකාව, ඔස්ටේ‍්‍රලියාව හා  යුරෝපය, ආසියානු කලාපය මෙන්ම මැදපෙරදිග කලාපය ද ආක‍්‍රමණය කර අවසන්. 


මේ අතර දකුණු අපි‍්‍රකාව තුළද මේවනවිට කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයක් ව්‍යාප්තවෙමින් තිබෙනවා. එම වෛරස් ප‍්‍රභේදය මෙන්ම එංගලන්තය තුළ පැතිර යමින් ඇති කොරෝනා ප‍්‍රභේදය යන ප‍්‍රභේද 02 කම මේවනවිට ඔස්ටේ‍්‍රලියාවෙන් හා ජපානයෙන් හඳුනාගෙන ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

No comments

Ads Place