Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දැඩි ආනයනය සීමා මැදත්, රුපියල බාල්දු වන්නේ ඇයි? ආර්ථික විශ්ලේෂකයින් පැහැදිළි කරයි

  මෙරටට සිදු කරන ආනයනය දැඩි ලෙස සීමා කර ඇතත්, රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය තවමත් ඉහළ මට්ටමක පවතින ආකාරය දැකගත හැකි වනවා. ඉකුත් මාසය...

 


මෙරටට සිදු කරන ආනයනය දැඩි ලෙස සීමා කර ඇතත්, රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය තවමත් ඉහළ මට්ටමක පවතින ආකාරය දැකගත හැකි වනවා. ඉකුත් මාසයක කාලය සැසඳීමේදී ඉකුත් නොවැම්බර් මස 11 වනදා, රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අවම අගය වාර්තා කරමින් 184.51 ක් ලෙස සටහන් වුණා. 


ඉකුත් නොවැම්බර් මස 20 වනදායින් පසු මේ දක්වාම රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය 185 සීමාවේම පැවැති ආකාරය ශ‍්‍රී ලංකා මහ බැංකුවේ දත්ත පරීක්ෂා කිරීමේදී දැක ගත හැකියි. රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ ඉහළම අගය වාර්තා කළේ ඉකුත් දෙසැම්බර් 03 වනදායි. එය දැක්වුණේ රුපියල් 186.87 ක් ලෙසයි. ඊයේ දිනයේදි ද, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 185.90 ක් ලෙස සටහන් වුණා. 


ආනයන සීමා කර ඇති පසුබිමකත්, මෙලෙස රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යන්නේ මන්දැයි, නෙත් නිවුස් ආර්ථික විශ්ලේෂකයින්ගෙන් විමසීමක් කළා. ශී‍්‍ර ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන, ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන එහිදී කියා සිටියේ ආනයන සීමා කිරීමෙන් පමණක් රුපියල ශක්තිමත් කළ නොහැකි තත්ත්වයක් රටේ පවතින බවයි. 


ශ‍්‍රී ලංකාව විදේශ විනිමය උපයා ගන්නා ක‍්‍රමවේද වෙනස් කර, නව උපාය මාර්ගයන් තෝරා ගැනීමට දැන් කාලය එළඹ ඇති බවයි මෙහිදී පෙන්වා දුන්නේ. 


කොතරම් ආනයන සීමා කළද, තවදුරටත් අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් වැඩි මුදලක් වැය කිරීමට  සිදුව ඇති බව ද මෙහිදී පෙන්වා දුන්නා. ඉන්ධන, ඖෂධ හා ඇගළුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ඒ අතරින් ප‍්‍රධාන වනවා. ඒ අනුව රුපියලේ අගය ආරක්ෂා කර ගැනීම සඳහා තවදුරටත් ආනයන සීමා කිරීම පමණක් එකම විසඳුම බවට පත් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි ශී‍්‍ර ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන, ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන පෙන්වා දුන්නේ. 


මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් පැවසුවේ, ආනයන සීමා කිරීමට ගෙන ඇති තීරණයේ වෙනස් කිරීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි. රථවාහන ආනයනය තහනම් කිරීමට ගත් තීරණය ලිහිල් කිරීමේ අවශ්‍යතාවක් ද, මේවනතෙක් පැන නැගී නොමැති බව ඔහු පවසනවා.

No comments

Ads Place