Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉහළ ගිය සහල් මිල ජනවාරි මැද තෙක් පවතින ලකුණු

  වෙළදපොලේ ඉහල ගොස් ඇති සහල් මිල ලබන ජනවාරි මස මැද භාගයවන තෙක් පවතිනු ඇතැයි සහල් මෝල් හිමියන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ වෙළදපොලේ සහල් හිගය...

 


වෙළදපොලේ ඉහල ගොස් ඇති සහල් මිල ලබන ජනවාරි මස මැද භාගයවන තෙක් පවතිනු ඇතැයි සහල් මෝල් හිමියන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ වෙළදපොලේ සහල් හිගය මිල ඉහල යාමට ප‍්‍රධාන හේතුව බවයි. මහා පරිමාණ මෝල් හිමියන් අවශ්‍ය තරම් වී තොග මුදා නොහැරීම වෙළදපොලේ සහල් හිගයට හේතුව බව සමස්ථ ලංකා සුලූ හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති වී.කේ. රංජිත් ප‍්‍රකාශ කළා. 


සහල් මිල ඉහල යාම සහ වී තොග මුදා නොහැරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ගෙන් විමසීමක් කළා. වී සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවටත්, සහල් මිල සම්බන්ධයෙන් ගැටළුවටත් ඉදිිරියේදී ක‍්‍රමානකූල වැඩපිළිවලක් ආරම්භ කරන බවයි ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේ. 



පාලන මිලක් පනවා තිබුණද එම මිලට මිලදී ගැනීම සඳහා බොහෝ ප‍්‍රදේශවල සහල් නොමැති බව නෙත් නිවුස් ඉකුත්දා අනාවරණ කළා. සම්බා මෙන්ම නාඩු සහල් කිලෝ ග‍්‍රෑමයක සිල්ලර මිලද රුපියල් 100 ඉක්මවා ගොස් ඇති නමුත් පාලන මිලට අනුව රුපියල් 100ය ඉක්මවා මිලක් නියම කර තිබුණේ කීරි සම්බා සඳහා පමණයි. 


සම්බා සහල් කිලෝ ග‍්‍රෑමයක සිල්ලර මිල රුපියල් 120 ඉක්මවා ගොස් තිබෙනවා. නාඩු සහල් කිලෝ ග‍්‍රෑමයක සිල්ලර මිල දැක්වුණේ රුපියල් 108ක් ලෙසයි.


සහල් සඳහා පැනවූ පාලන මිලට අනුව සම්බා සහ රතු කැකුළු සම්බා කිලෝග‍්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රුපියල් 94ක් ලෙසයි නියම කර තිබුණේ. නාඩු කිලෝග‍්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රුපියල් 92ක් විය යුතු බවත් කැකුළු හාල් කිලෝග‍්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 89ක්. කෙසේවෙතත් පාරිභෝගිකයින් පවසන්නේ පාලන මිලට සහල් වෙළදපොළේ නොමැති බවයි.

No comments

Ads Place