Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රටට එන සියලූ සංචාරකයින් ජනතාවගෙන් වෙන් කර තැබේ

 මෙරටට පැමිණෙන සියළු විදෙස් සංචාරකයින් ශ‍්‍රී ලංකාව තුල රැදී සිටින කාලය තුල මෙරට ජනතාවගෙන් වෙන් කර තබන බව කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික...


 මෙරටට පැමිණෙන සියළු විදෙස් සංචාරකයින් ශ‍්‍රී ලංකාව තුල රැදී සිටින කාලය තුල මෙරට ජනතාවගෙන් වෙන් කර තබන බව කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.


නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විදෙස් සංචාරකයින් මෙරට රැදී සිටින කාලය තුළ ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් සියල්ල දැඩි අධීක්ෂණයකට ලක් කරන බවයි. සංචාරක ක්ෂේත‍්‍රයේ අත්හදා බැලීමේ වැඩපිළිවෙල යටතේ විදෙස් සංචාරකයින්ට මෙරට ගුවන් තොටුපල විවෘත කලේ ඉකුත් 28 වනදා සිටයි. ගතවූ දින 02 තුල පමණක් විදෙස් සංචාරකයින් ඇතුළු 390 දෙනෙකු දැනටමත් මෙරටට පැමිණ අවසන්. ඔවුන් සියළු දෙනා යුක්රේන ජාතිකයින් වනවා. 


ලොව පුරා කොරෝනා වෛරසය තවදුරටත් පැතිරෙමින් ඇති පසුබිමක ශ‍්‍රී ලංකාව එම අවධනම මැද ක‍්‍රීයාත්මක කරන මෙම වැඩපිලිවෙල සම්බන්ධයෙන් කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් විමසීමක් කලා.


යුද්ධ හමුදාපතිවරයා කියා සිටියේ මෙම විදේශිකයින් ර`දවා ඇත්තේ තෝරා ගත් හෝටල් 04ක් තුල පමණක් බවයි. ඔවුන් හෝටල් තුලින් පිටතට රැුගෙන යනු ලබන්නේ ද එකම කණ්ඩායමක් ලෙස බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.


කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් කියා සිටියේ මෙරටට පැමිණෙන සියළු සංචාරකයින් මෙරට තුලදී දින 07ක් නිරෝධායනය වන බවයි. එම කාලය අවසන් වුවද ඔවුන්ට නිදහසේ රට තුල ගමන් කිරීමට අවස්ථාව නොලැබෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.


මේ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා සිද්ධස්ථාන ඇතුළු හඳුනා ගත් ස්ථානවලට ඇතුළු වීමට අවසර හිමිවන බවයි සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ.

No comments

Ads Place