Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රැදවුම් නියෝග යටතේ සිටින හිජාස් හිස්බුල්ලා හමුවීම සඳහා නීතිඥවරුන්ට ඉඩ ලබාදීමට හැකිබව නීතිපති දැනුම් දෙයි

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් සමග සම්බන්ධතා පැවැත්වූයේ යැයි කියන චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ...


පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් සමග සම්බන්ධතා පැවැත්වූයේ යැයි කියන චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා හමුවීම සඳහා හෙට (16) පස්වරු 2.30 ට ඔහුගේ නීතිඥවරුන්ට ප්‍රවේශය සලසා දිය හැකි බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

නීතිපතිවරයා මේ බව දන්වා සිටියේ නීතිඥ හිජාස් හිස්බුල්ලා හමුවීමට ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව ලබා දෙන ලෙසට නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රිට්  පෙත්සම අද අභියාචනාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී.

මෙම පෙත්සම අද දින විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ විනිසුරු සෝභිත රාජකරුණා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී .

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස  පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්‍ෂවරයා, නීතීපතිවරයා ඇතුළු පාර්ශවයන්  නම් කර ඇත. 

නීතිඥ හිජාස් හිස්බුල්ලා පසුගිය අප්‍රේල් මස 14 වැනිදා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

No comments

Ads Place