Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බංග්ලාදේශ සංචාරයෙන් ඉවත්වීමට තීරණය කළ කොදෙව්වන්

  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දස දෙනෙකු බංග්ලාදේශ සංචාරයෙන් ඉවත් වීමට තිරණය කර තිබේ. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේ...

 


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දස දෙනෙකු බංග්ලාදේශ සංචාරයෙන් ඉවත් වීමට තිරණය කර තිබේ.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් ඔවුන් මෙලෙස බංග්ලාදේශ සංචාරයෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ටෙස්ට් ක්‍රිකට් නායක ජේසන් හෝල්ඩර්, එක්දින නායක කිරන් පොලාඩ්, ටෙස්ට් ක්‍රිකට් උප නායක රොස්ටන් චේස් මෙලෙස කණ්ඩායමෙන් ඉවත් වී තිබේ.

ඊට අමතරව ඩැරන් බ්‍රාවෝ ,ෂෙල්ඩන් කොට්ට්‍රේල්, ෂම්රා බ්‍රෝරෝක්ස්, එවින් ලුවිස් , ෂයි හෝප්, ෂිම්රොන්,හෙට්මෙයර් සහ නිකලස් පූරන් ද කණ්ඩායමෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය ජනවාරි 10 වන දින ආරම්භ වීමට නියමිතය.

No comments

Ads Place