Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගම සමඟ පිළිසඳර කැබැතිගොල්ලෑව – ජනපති ගුවන් හමුදාවට දුන්න වගකීම!

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් කැබැතිගොල්ලෑව, කණුගහවැවදී ගම සමඟ පිළිසඳර සිව්වැනි අදියර අද පැවැත්වුණු අතර තලගහ වැව, හල්මිල්ල ව...

 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් කැබැතිගොල්ලෑව, කණුගහවැවදී ගම සමඟ පිළිසඳර සිව්වැනි අදියර අද පැවැත්වුණු අතර තලගහ වැව, හල්මිල්ල වැටිය, තම්මැන්නාව, හේරත් හල්මිල්ලෑව, නිකවැව ආදී ප්‍රදේශයේ ගම්මාන ආශ්‍රිත ජනතාවගේ ගැටළු පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුවූ බවයි වාර්තා වන්නේ.


ජනගහනය 3385ක පමණ වන කණුගහවැව ග්‍රාම නිලධාරී වසමේ ජීවත්වන ජනතාවගේ ඉල්ලීම් සලකා බලමින් එම ගම්මානය පුර්ණ සංවර්ධනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාර කල ජනාධිපතිවරයා අද දින සිය උපන්දිනය සමරන ගුවන් හමුදපතිවරයාගේ උපන්දින තෑග්ග ලෙසින් ගම සංවර්ධනය කිරීමේ වගකීම ඔහුට භාර කිරීම කාගේත් කතාබහට ලක්විය.


ලබන වසරේ සිය 70 වන සංවත්සරය සමරණ ගුවන් හමුදාවට එම සංවත්සරය සැමරීම නිමිත්තෙන් මෙම ගම්මානයේ ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සපයමින් සංවර්ධනය කිරීමට සුදානම් බව ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් සුදර්ශන පතිරණ මහතා අදහස් දක්වමින් කියා සිටියා.


මේ අනුව කැබැතිගොල්ලෑව, කණුගහවැව ගම්මානයේ හා ඒ ආශ්‍රිත ජනතාවගේ ජන ජීවිතය ගොඩනැංවීම උදෙසා ප්‍රදේශයේ සිටින වැව් පිළිසකර කිරීම, නව ග්‍රාම නිලධාරී කොට්ඨාස ඇති කිරීම, වන අලි ගැටලුව විසඳීම පිණිස අලි වැට ඉදිකිරීම, වනජීවී රක්ෂිත ආශ්‍රිත ගැටළු නිරාකරණය, සේවා පියස හා වනජීවී කාර්යාල ඉදි කිරීම, ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය, පානීය ජල පහසුකම් මෙන්ම වැසිකිලි ආදී සනීපාරක්ෂක පද්ධති සංවර්ධනය, කණුගහවැව ප්‍රථමික විද්‍යාලයේ ගුරු නේවාසිකාගාරයක් ඉදි කිරීම සහ ගුරු හිඟයට පිළියම් යෙදවීම ආදී තීන්දු රැසක් ගනු ලැබූ අතර ගුරු ගැටළු විසන්දෙනතුරු ගුවන් හමුදාව විසින් ගුරුවරු සපයමින් දරුවන්ගේ අධ්‍යාපනය පවත්වාගෙන යාමටද තීරණය කිරීම විසේෂත්වයක්.


තවද ප්‍රදේශයේ ජනතාවගේ ජීවිකාව ලෙස පවතින ගව පාලනය සහ මී මැසි කර්මාන්තය ආශ්‍රිත ගැටළු විසඳීමටත් බඩඉරිඟු ගොවියා මුහුණදී සිටින සේනා දළඹු උවදුර පාලනය කිරීමට මෙන්ම ගොවි ජනතාවට සිය වගා කටයුතු වලදී මුහුණපාන ගැටළු විසඳීමටත් කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට ජනාධිපතිවරයා නියෝග කොට තිබෙනවා. 

noize tv

No comments

Ads Place